උතුරේ ආර්ථික වර්ධනය කෙරෙහි IMF අවධානය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): ශ්‍රී ලාංකික ජනතාවට වර්තමානයේදී අපහසුතාවන්ට මුහුණපෑමට සිදුව ඇත්තේ අතීතයේ පැවති අවිධිමත් වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් බවත්, ශ්‍රී ලංකාව ගොඩනැගීමට නම් නව බදු ප්‍රතිපත්ති ඉවසා ගත යුතු බව උතුරු පළාතේ සංචාරයට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් උතුරු පළාතේ ජන ජීවිතයේ වර්තමාන තත්ත්වය සහ සංවර්ධන කටයුතු පිළිබද කරුණු විමසීය.

උතුරු පළාතේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සදහා ක්‍රියාත්මක කළ යුතු සාධනීය යෝජනා පිළිබදව ද සාකච්ඡා කළ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස උතුරේ ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් සහ සාමාන්‍ය වැසියන් හමුවී සාකච්ඡා පැවැත්වූහ.

නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් උතුරේ නැවත පදිංචි වූ ජනතාවට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව උතුරේ ව්‍යාපාරික ප්‍රජාව මෙහිදී ප්‍රකාශ කළේය.

උතුරේ වැසියන්ට මෙන්ම සමස්ත ශ්‍රී ලාංකිකයින්ට නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් පහසුතාවන්ට මුහුණදීමට සිදුව ඇත්තේ අතීතයේ අවිධිමත් වූ බදු ප්‍රතිපත්ති හේතුවෙන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පෙන්වා දුන්නේය.

නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටී නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාව ඇති බව ඔවුන් කියාසිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අවධාරණය කළේ, මේ වනවිටත් ශ්‍රී ලංකාව එවැනි වූ ධනාත්මක රටාවකට ගමන් කරමින් සිටින බැවින් යම් කාලයක් ඊට ගතවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...