උතුරු කොරියා නායකයා ගත් දැඩි තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 16 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාව සමඟ සංහිඳියාව හා යළි එක්වීම ප්‍රවර්ධන කිරීම සඳහා ස්ථාපිත කර ඇති ආයතන කිහිපයක් වසා දැමීමට උතුරු කොරියා නායකයා පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් පවසන්නේ උතුරු කොරියාවට යුද ගැටුමක් මෙන්ම යුද ගැටුමක් ඇති වීම වැළැක්විමට ද අවශ්‍යතාවක් නොමැති බවයි.

උතුරු කොරියා නායකයා එරට උත්තරීතර මහජන සභාව අමතමින් තවදුරටත් කියා සිටියේ දකුණු කොරියාව සමග යළි එක්වීම තවදුරටත් කළ නොහැක්කක් බවයි.

ඔහු සඳහන් කරන්නේ, දකුණු කොරියාවේ ක්‍රියාකලාපය හේතුවෙන් එය සතුරු රටක් ලෙස නම් කිරීම සදහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකළ යුතු බවයි.

ඒ අනුව උතුරු කොරියාව සාමකාමී යළි ඒකාබද්ධ කිරීම සදහා වු කමිටුව / ජාතික ආර්ථික සහයෝගීතා කාර්යාංශය හා ජාත්‍යන්තර සංචාරක පරිපාලනය යන ආයතන වසා දමනු ඇති බව සදහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...