සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට ඇප!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණය ඇප ලබා දීඇත.

ලලිත් අනුරුද්ධ මහතාට චෝදනා එල්ලවී තිබුණේ, 2015 ජනාධිපතිවරණයට අදාළ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවෙකු බවට විශ්වාස කිරීමට කරුණු තිබියදී නියෝජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම හෙළිදරව් නොවන අයුරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලපෑම් කළ බවටයි,

කහවත්ත පොලිස් ස්ථානාධිපතිට හා අදාළ නිලධාරීන්ට බලපෑම් කිරීම හේතුවෙන් ඔහුට පසුගිය වසරේ සැප්තැම්බර් 25 වනදා සුළු දඩුවම් සහිත වසර 5 ක සිර දඩුවමක් නියම කළ අතර, එම දඩුවම් විදිමින් සිටින අතරතුර ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතාට මෙසේ රත්නපුර මහාධිකරණය මගින් ඇප ලබා දීඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...