ඖෂධ වංචා ගැන චෝදනා කරන අයට එරෙහිව SPC සභාපතිගෙන් CIDයට පැමිණිල්ලක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන සහ නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා එල්ල කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනූජ් සී. වීරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අපේ ඖෂධ සැපයුම් ජාලයටත් ඒ ආයතනවලටත් පුද්ගලයින්ටත් පොදුවේ රජයටත් අවලාද නගමින් ඉන්නවා මේ ටිකේ, පහුගිය සති කිහිපය තුළම විවිධ චෝදනා, අභූත චෝදනා, වැරදි සමාජගත කරමින්. ඒකෙන් ඇත්තටම වෙලා තියෙන්නෙ සෑහෙන ගැටලුවක්. මොකද රජයේ සෞඛ්‍ය පද්ධතිය පිරිහීමකට ලක්කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවාද කියන සැකයත් අපට මතුවෙනවා මේ දිගින් දිගටම කරන අවලාද නිසා. ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය පැමිණිල්ල තමයි අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේ. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් අවශ්‍ය කටයුතු කරලා නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙයි කියලා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...