ඖෂධ වංචා ගැන චෝදනා කරන අයට එරෙහිව SPC සභාපතිගෙන් CIDයට පැමිණිල්ලක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන සහ නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා එල්ල කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනූජ් සී. වීරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.

“දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අපේ ඖෂධ සැපයුම් ජාලයටත් ඒ ආයතනවලටත් පුද්ගලයින්ටත් පොදුවේ රජයටත් අවලාද නගමින් ඉන්නවා මේ ටිකේ, පහුගිය සති කිහිපය තුළම විවිධ චෝදනා, අභූත චෝදනා, වැරදි සමාජගත කරමින්. ඒකෙන් ඇත්තටම වෙලා තියෙන්නෙ සෑහෙන ගැටලුවක්. මොකද රජයේ සෞඛ්‍ය පද්ධතිය පිරිහීමකට ලක්කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවාද කියන සැකයත් අපට මතුවෙනවා මේ දිගින් දිගටම කරන අවලාද නිසා. ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය පැමිණිල්ල තමයි අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේ. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් අවශ්‍ය කටයුතු කරලා නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙයි කියලා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...

බටුවත්තේත් වෙඩිතැබීමක්. පුද්ගලයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල රාගම, බටුවත්ත ප්‍රදේශයේදී ඊයේ (ජුලි 03)...