බේරුවලදීත් මාලිමාව පරදී !

Date:

බේරුවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

එම නිලවරණයේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායමට දිනාගැනීමට හැකිවී ඇත්තේ සභික ධුරයන් 32ක් පමණි.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්ව තරග කළ ඒකාබද්ධ කණ්ඩායම සභික ධුර 68ක් දිනාගෙන ඇති බව සඳහන්.

පසුගිය සති කිහිපය තුළ කැළණිය, හෝමාගම, අඟුණකොළපැලැස්ස, වැලිවිටිය දිවිතුර යන සමූපකාර නිලවරණවලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් පරාජයට පත්ව තිබෙනු දැකගත හැකිවිය. ඔවුන් ජාතික මැතිවරණයකදී මෙන් පෝස්ටර් අලවමින්, අත් පත්‍රිකා බෙදමින් ගෙන්ගෙට යමින් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ පරාජයට පත්වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...