“පෝසත් රටක්  ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජයේ තවත් වැඩක්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ (LNW):

අද (17) සිට , පෝසත් රටක්  ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කිරීම ආරම්භ වන බව සඳහන් වේ.

ඉදිරි වසර පහ තුළ දිළිඳු පවුල් ලක්ෂ විස්සක් සවිබල ගැන්වීම රජයේ ඉලක්කය වන අතර, දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබන දිළිඳු පවුල් මෙන්ම අනෙකුත් දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුව ඇත .

අක්කර දහසක් තුළ , කොළඹ නගරයේ පමණක් පැල්පත් හා මුඩුක්කු නිවාස 65000ක් පවතින අතර, ග්‍රාමිය ප්‍රදේශවල ද මෙම ගැටලුව උග්‍ර වෙමින් පවතී.

මෙරට ග්‍රාමීය ජනගහනයෙන් 2%ක් පමණ වතු නිවාසවල ජිවත් වන අතර, මෙම ජනතාවගේ ජීවන මට්ටම ද ඉතා පහළ අගයක් ගනී.

දිළිඳු ජනතාව නගා සිටුවීම සඳහා පසුගිය කාලයේ විධිමත් වැඩපිළිවෙළක් නොතිබිම හේතුවෙන් ගැටලුව තවත් උග්‍ර වූ අතර, මෙම ගැටලුව විසඳීමට වත්මන් රජය අවධානය යොමුකළේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට ද එම කරුණ ඇතුලත් කරමිනි .

ඒ අනුව, දිළිඳු පවුල් සවිබල ගැන්වීම පිළිබඳ දැනුවත් කිරිමේ පළමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. ඒ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම්වරුන් , රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සමෘද්ධි කළමනාකරුවන් දැනුවත් කිරීම මෙහිදී සිදු වන අතර , සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් ලක්ෂ 20 ක් සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය පිළිබඳ මෙහිදී දැනුවත් කිරීමට නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...