අඩුමිල අරක්කු මිල වැඩි නොකර තබාගැනීමට සුරාබදු කොමසාරිස් සාකච්ඡාවක් කැඳවයි !

Date:

රජය විසින් සුරාබදු ඉහළ නැංවීම හේතුවෙන් මේ වනවිට මත්පැන් මිලිලීටර් 750 බෝතලයක් සඳහා රුපියල් 120ක පමණත් මත්පැන් කාලේ බෝතලයක් සඳහා රුපියල් 25ක පමණත් මිල වැඩිකිරීමක් සිදුවී තිබේ.

එසේවෙතත් අඩුමිල මත්පැන් වර්ග සඳහා මේ මිල වැඩිකිරීම සිදු නොකර එය සමාගම්වල ලාභයෙන් සහ මත්පැන් අලෙවිසැල් සඳහා ලබාදෙන ලාභයෙන් අඩුකරගෙන මෙතෙක් පැවති මිලම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතා විසින් මත්පැන් නිෂ්පාදන සමාගම්වලට යෝජනා කිරීමට සාකච්ඡාවක් කැඳවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් නිෂ්පාදන සමාගම් අතර එම සාකච්ඡාව ලබන බදාදා (ජනවාරි 22) දිනයේදී පැවත්වීමට නියමිත ය.

මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් මේ වනවිටත් ඉහත යෝජනාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙට තැපෑල අඩාල වෙයිද?

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW: හෙට (17) පස්වරු 4.00...

පාකිස්තානයේ රෝහල් තුළ දැඩි අර්බුදයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට පාකිස්තානයේ...

පකිස්ථානයට බලපෑ ධාරානිපාත වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් 194දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයට බලපාන ලද...

පොලිස්පතිගේ අලුත් අංකයට පැමිණිලි 2000 ඉක්මවයි!

කොළඹ LNW:පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දුන් නව...