ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය අහිමි වූ ජොකොවික්ට සහනයක් !

0
728

අසත්‍ය තොරතුරු ලබාදීම නිසා වීසා බලපත්‍රය අත්හිටවූ නොවැක් ජොකොවික්ට ඊයේ ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට සිදු වූ අතර මේ නිසා අද ආරම්භ වූ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය.

ජොකොවික් මෙවර ඔස්ට්‍රේලියාවට පැමිණියේ තරගාවලිය පිළිබඳව මහත් බලාපොරොත්තු තබාගෙනයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමි කරගෙන සිටින ජොකොවික්ට පිට පිට සිව්වැනි වරටත් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවය දිනා ගැනීමේ අවස්ථාව හිමි වූ අතර එය දිනා ගත්තේ නම් ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා 21 ක් දිනා ගනිමින් වැඩිම ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරතා දිනාගත් ටෙනිස් ක්‍රීඩකයා ලෙස වාර්තාවක් තැබීමටද ඔහුට අවස්ථාව තිබිණි.

වීසා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔහු අභියාචනයක් ඉදිරිපත් කළ නමුත් එය නිෂ්ප්‍රභ කිරීමට ෆෙඩරල් අධිකරණය තීරණය කළේය.

වීසා ප්‍රතික්ෂේප වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආගමන නීතිවලට අනුව ඔහුට වසර තුනක් යනතුරු එරටට ඇතුළුවීම තහනම් වේ. කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිස් මහතා පවසන්නේ ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය සඳහා ඔහුට සහභාගිවීමට බොහෝදුරට අවස්ථාව හිමිවනු ඇති බවයි.

නිසි ක්‍රමවේද සපුරමින් වීසා ඉල්ලුම් කරන්නේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට සූදානම් බව අගමැතිවරයා පවසනවා.

ජොකොවික් නොමැති වීම හේතුවෙන් ස්පාඤ්ඤ ක්‍රීඩක රෆායෙල් නඩාල්ට ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාවය දිනා ගැනීම සඳහා වැඩි ඉඩක් හිමිවනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here