පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ඇරඹෙයි – රථ පෙළපාලි ආචාර වෙඩිමුර කිසිවක් නෑ

Date:

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය හෙට (18) පෙරවරුවේ ආරම්භවීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සැසිවාරය ආරම්භ වන අතර ඉන් අනතුරුව පෙරවරු 10 ට පමණ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇත.

නව සැසිවාරය ආරම්භ කිරීමේ උත්සවය ආචාර වෙඩිමුර, රථ පෙළපාලි නොමැතිව සංවිධානය කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව චාම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇති බවයි පාර්ලිමේන්තු ප්‍රධානීන් පවසන්නේ. පාර්ලිමේන්තුවට පිවිසෙන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ දායකත්වයෙන් සංස්කෘතිකාංග කිහිපයක් පමණක් සූදානම් කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...