හිටපු මහ බැංකු අධිපතිවරයාට පැනවූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ!

Date:

කීර්ති තෙන්නකෝන් මහතා විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව ඉදිරිපත් කරන ලද පෞද්ගලික පැමිණිල්ල අද දින (2023.01.17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවන ලදී.

එහිදී කබ්රාල් මහතාගේ නීතිඥ වන ජනාධිපති නීතිඥ සම්පත් මැන්දිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික විරෝධතාවන්ට එරෙහිව, තෙන්නකෝන් මහතාගේ නීතිඥ වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් පිළිතුරු ගොනු කරන ලදී.

එම පිළිතුරු වලට විරුද්ධව ප්‍රති විරෝධතා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් මහතා විසින් සම්පත් මැන්දිස් මහතා ට ඉඩ ලබා දෙන ලද අතර, එම පිළිතුරු 2023 පෙබරවාරි 16 වෙනිදා වන විට අධිකරණයට ලබා දෙන්නට නියම කරන ලදී.

එමෙන්ම පැමිණිලිකරු විසින් ඉල්ලීම් කර ඇති කබ්රාල් මහතා විදේශගතවීමට විරුද්ධව පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට එරෙහිව මේ අවස්ථාවේ දී කරුණු ඉදිරිපත් කිරීමට කබ්රාල් මහතා අදහස් නොකරන්නේ ඔහුට කිසිදු විදේශ ගමනක් යෑමට අවශ්‍යතාවයක් නැති නිසා බව කබ්රාල් මහතාගේ නීතිඥ වන ජනාධිපති නීතිඥ සම්පත් මැන්දිස් මහතා කියා සිටියේය.

ඒ අනුව, කබ්රාල් මහතා විදේශගතවීමේ තහනම තවදුරටත් දීර්ඝ කිරීමට මහේස්ත්‍රාත් මහතා විසින් දැනුම් දෙන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...