කොටස් වෙළෙඳපොල මිල දර්ශකවල ඉහළ යාමක්!

0
403

2023.01.17 වන අද දින වාර්තා වූ මිල දර්ශක අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක 113.72 කින් ඉහළ ගොස් ඒකක 8,376.30 ක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, S&P SL20 දර්ශකය ඒකක 79.43 කින් ඉහළ ගොස් ඒකක 2,607.51 ක් ලෙස සටහන්ව ඇති අතර, මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව පිළිවෙලින් 1.38% ක හා 3.14% ක වර්ධනයක් ලෙස සටහන් වේ.

අද දින වාර්තා වී ඇති පිරිවැටුම රු. බිලියන 1.24 ලෙස සටහන් වේ.

සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට අද දින වැඩි දායකත්වයක් ලබා දී තිබෙන්නේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිල ඉහළ යාම වන අතර, එහි කොටසක් මිල රු. 192.50ක් දක්වා රු. 20.50 කින් 11.92% ක වර්ධනයක් වාර්තා කර තිබේ.

මේ අතර, දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ලබා දී තිබෙන්නේ සොෆ්ට්ලොජික් කැපිටල් සමාගමෙන් වන අතර, එය රු. මිලියන 246.11 ලෙස සටහන් වේ.

රෂිකා හෙන්නායක