සජිත්ගේ “සක්වල” වැඩසටහනේ 68 වැනි අදියරෙන් කලාපුර සිරිමාපුර විදුහලට ස්මාර්ට් පන්ති කාමරයක් (VIDEO)

Date:

සමගි ජන බලවේගයේ “සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ” 68 වැනි අදියර යටතේ කලාවැව සිරිමාපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ ලබා දීම ඊයේ (16) සිදුකෙරිණි.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ කුලී වැඩ කරන ජනතාවගේ දෛනික ආදායමත් පිට්පොකට් ගහන ආණ්ඩුවක් රට තුළ තිබෙන බවත් අද දවස පුරාම ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන නිසා ගිලන් වූ ප්‍රජාවට බෙහෙත් හේත් ගැනිමට නොහැකි වී ඇති බවත් ඒ අයගේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොට රජයට මුදල් නොමැති බව පැවසුවත් ජනාධිපතිවරයාගේ වියදම්වලට අයවැයෙන් ලබා දුන් මුදලට අමතරව පරිපූරක ඇස්තමේන්තුවක් හරහා තවත් ලක්ෂ 2000ක් අනුමත කර ගෙන ඇති බවත් ය.

මේ අවස්ථාවේ වැදගත් වන්නේ පරිණත සෞඛ්‍ය සේවාවක් වුවත් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර සඳහා මෙම රුපියල් මිලියන 2000ක මුදල අනුමත කර ගෙන ඇති බවත් ජනාධිපතිවරයාට මෙම මුදල මදි වගේම රෝගීන්ට ලබා දෙන ප්‍රවණතාව ද මදි වී ඇති බවත් පැහැදිලිවම සෞඛ්‍ය සේවය අඩපණ වී ඇත්තේ දුර්වල නායකත්වය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ සෞඛ්‍ය සේවය අඩපණ වී ඇති මොහොතක රටේ නායකයා විදේශ රටවලට ගොස් ජෝගි නටනා බවත් මෙය සාධාරණ නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල්වල දූදරුවන්ට පරිගණකයක් සුහුරු පන්ති කාමරයක් ලබා දෙන්න නොහැකි වුවත් ජනාධිපතිවරයාට ජෝගි නටන්න මුදල් වෙන් කර ඇති බව යි.

මේ දිනවල පවතින සෞඛ්‍ය වර්ජනවලින් විපතට පත් වන්නේ අහිංසක රෝගී ජනතාව බවත් ශල්‍යකර්ම පෝලිමේ සිටින පුද්ගලයන්ට පවා මේ නිසා දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත් මෙයට හේතුව රජයේ දුර්වල පරිපාලනය නිසා බවත් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට දෝෂාරෝපණය කරනවා වෙනුවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දැන ගත යුතු වන්නේ ජනාධිපතිවරයාගේ විදේශ ගමන්වලට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන සිතීම බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 68ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 655ක් වැය කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...