යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 1024 දෙනෙක් අත්අඩංගුවට !

ගතවු පැය 24 ක කාල සීමාව තුළ සිදුකරන ලද මෙහෙයුම් වලදී විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 699 ක් සහ අපරාධ අංශ වලට යොමු කළ අපරාධකරුවන් ලැයිස්තුවේ සිටි තවත් සැකකරුවන් 325 ක් සමගින් මුලු සැකකරුවන් 1,024 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව පොලීසිය පවසයි.

පහත පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් එදින මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 227 g
අයිස් 168 g
ගංජා 8 kg 40 g
ගංජා පැල 13,892 ක්
මාවා 227 g
මදන මෝදක 24 g
මත්පෙති 647 ක්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 699 දෙනෙකු අතරින් සැකකරුවන් 13 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 8 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය මගින් යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 දෙනෙකුද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර, විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 92 දෙනෙකුද, විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත්ව තිබු සැකකරුවන් 211 දෙනෙකුද, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 දෙනෙකු සහ බල අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 11 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...