*
Sunday, June 30, 2024
spot_img

Latest Posts

විසිතුන් හැවිරිදි සරසවි සිසුවිය ඩෙංගු මාරයාට බිලි!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): විසිතුන් හැවිරිදි සරසවි සිසුවියක් ඩෙංගු රෝගය වැලඳී හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) උදෑසන ජීවිතයෙන් සමුගෙන ඇත.

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරේ අධ්‍යාපනය ලබමින් සිටි දිසානායක මුදියන්සේලාගේ හසිනි භාග්‍යා නමැති තරුණිය මෙසේ මියගොස් ඇත.

පසුගිය 6 දා උණ හටගැනීම හේතුවෙන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිට ඇති ඇය 11 දා අසාධ්‍ය තත්ත්වයට පත් වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, දින පහක් සිහි විසංඥව සිට ඇය මරණයට පත් වී තිබේ. ඒ වන විටද ඇය ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් වී සිට ඇති බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

මියගිය තරුණිය හොරණ මාපුටුගල ශ්‍රී ප්‍රේමානන්ද දහම් පාසලේ ගුරුවරියක මෙන් ම පරිසර සහ සොබාදහම අධ්‍යයන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙසද කටයුතු කරමින් සිටි ඇත.

ඇයගේ මරණ පරීක්ෂණය ඊයේම (16) හොරණ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්වුණු අතර, මියගිය තරුණියගේ මව වන පෝරුවදණ්ඩ, මානෙල් උයන, මාපුටුගල ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ නිමාලි සාගරිකා මහත්මිය තම අදහස් මෙසේ ප්‍රකාශ කර ඇත.

“අපට දුවෙකුත් පුතෙකුත් සිටිනවා. මියගිය දුව අපේ වැඩිමහල් දුව. ඇය කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඇය අවිවාහකයි. අපි හතර දෙනා විතරයි අපේ ගෙදර ඉන්නේ. මියගිය දුවට දිගටම පැවතුණු කිසිදු අසනීපයක් තිබුණේ නැහැ. ඇය ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. දුව විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හවසට ගෙදර එනවා.

දැනට සති දෙකකට පමණ ඉහතදී දුවට උණ ගත්තා. ඇයට වමනේ එන ගතියකුත් තිබුණා; ඇඟ රිදෙන බවත් පැවසුවා. මේ නිසා මම දුවට ගෙදරදි පැනඩෝල් දුන්නා. එවිට උණ අඩු වුණා. ඉන් පසුව ඇය විශ්වවිද්‍යාලයටද ගියා. දින තුනක් විතර හොඳින් සිටියා.

ඉන් පසු යළිත් ඇයට උණ ගත්තා. එවිට මම දුව හොරණ රෝහලට රැගෙන ආවා. වෛද්‍යවරයාට විස්තර පවසා ලේ පරීක්ෂණයක්ද ලියවාගත්තා. ලේ පරීක්ෂණයත් හොරණින්ම කරගත්තා. ලේ වාර්තාව ලැබෙන තුරු බොන්න බෙහෙත් දුන්නා. බෙහෙත් අරගෙන අපි ගෙදර ගියා. වෛද්‍යවරයා පැවසුවා පැරසිටමෝල් විතරක් දෙන්න කියලා. ලේ පරීක්ෂණ වාර්තාවේ ප්‍රශ්නයක් තිබෙන බවත් කීවා. ජනවාරි 6 වැනිදා යළිත් ලේ පරීක්ෂණයට එන්න කිවුවා. අපි ගෙදර ගිහින් හිටියා. ජනවාරි 5 වැනිදා සවස දුවට අමාරු වුණා. රාත්‍රිය වන විට උණ හොඳටම වැඩි වුණා. පසුව 1990ට කතා කරලා දුව ඉක්මනින් රෝහලට රැගෙන ආවා.

රෝහ‍ලේදී බඩේ ස්කෑන් එකක් කලා. ඉන් පසු වාට්ටුවට දැම්මා. වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ගැස්ට්‍රයිටිස් කරලක් සහ පැරසිටමෝල් පෙත්තකුත් දුවට දුන්නා. දුවට උණ අඩු වෙනවා යළි වැඩි වෙනවා. මම දුව ළඟ සිටියා. රෝහලේදී දිගටම පරීක්ෂා කළා. දුව කෑම ගත්තේ අඩුවෙන්. වාට්ටුවේදී කළ පරීක්‍ෂණවලින් දුවට ඩෙංගු හැදිලා තිබෙන බව පැවසුවා. වයිරස් එකද ඩෙංගුද කියලා පරීක්ෂණ කරන බවත් පැවසුවා. දින හතරක් වාට්ටුවේ ප්‍රතිකාර ලැබුවා. ඒත් දිගටම දුවට උණ තිබුණා. ජනවාරි 10 වැනිදා හවස් වන විට දුවට හුස්ම ගැනීමට අමාරු වුණා. ඊට පසු දුව දැඩි සත්කාර ඒකකයට දැම්මා. ඉන් පසු දුවට සිහිය නැති වුණා. පරීක්ෂණ අනුව දුවට ඩෙංගු තිබෙන බවත් පෙණහලුවල වතුර තිබෙන බවත් කීවා. දුවගේ තත්ත්වය බරපතළ බවත්, ඒත් දිගටම ප්‍රතිකාර දෙන බවත් වෛද්‍යවරුන් පැවසුවා. ජනවාරි 16 වැනිදා දුව බලන්න මගේ සැමියා රෝහලට ගියා. ඔහු මට පැවසුවා දුව මියගොස් ඇති බව. පසුව මමත් රෝහලට ආවා. මේ මරණය පිළිබඳ මා හට සැකයක් නැහැ.”

ඉදිරිපත් වූ සාක්ෂි සහ සාධක මත මෙය ඩෙංගු රෝගය හේතුවෙන් රුධිරය වහනය වීම සමඟ ඇති වූ සංකුලතා මත සිදු වූ මරණයක් බවට හදිසි පරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා විසින් නිගමනය කරන ලදි.

දේහය පිළිබඳ අවසාන කටයුතු බ්‍රහස්පතින්දා (18) මාපුටුගල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පැවසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan