ගාල්ලෙ තරගාවලි දෙකට විදේශික තරගකරුවෝ 550 ඉක්මවයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 17 කොළඹ (LNW):ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමයේ ආශිර්වාදයෙන්,දකුණ පළාත් බැඩිමින්ටන් සංගසයද එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා විවෘත බැඩ්මින්ටන් සූරතාවලිය සහ ශ්‍රී බැඩිමින්ටන් සූරතාවලිය යන තරගාවලි දෙක සඳහා විදේශිකයන්ගෙන් ලැබි ඇති අයදුම්පත් ප්‍රමාණය 550 ට වඩා වැඩි බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගම් ආරංචි මාර්ග වාර්තා කරනවා.

විදේශික සහභාගීත්වය රටට අවශ්‍යයම මොහොතක මේ තරගාවලිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරමින් ලීනින්ග් එක්ව සිටිනවා.රට පවතින වාතාවරණයට අනුව මේ තරගාවලියෙන් යම් ජාතික වගකීමක් ක්‍රීඩාව ඉක්මවා යමින් සිඳුවීම අගය කළ යුතු වෙනවා.විදේශික ක්‍රීඩකයින් හරහා ලැබෙන අත්දැකීම් මෙන්ම විදේශිකයින් හරහා රටට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලැබෙන සහනය ද වැදගත් වන අතර ක්‍රිඩා අමාත්‍යංශය සහ සංචාරක අමාත්‍යංශය එක්ව පවතින අවස්ථාවක පැමිණෙන විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ශණය ඇති තැන් පිළිබඳව දැන ගැනීමේ පහසුකම් සැළසීමට ද හැකියාව තිබෙනවා.

ඉහත කාරණය ඉතා ඉවසීමෙන් සහ සංයමයෙන් සිඳු කළ යුතු අතර තරගකරුවන් තරගාවලිය සම්බන්ධයෙන් පූර්ණ අවධානය යොමු කරන තිබෙන අවස්ථාවල ඊට බාධා වන පරිදි වගකීම පැවරෙන නිලධාරි සංචාරක ස්ථාන ගැන කියා දෙන්නට ගියහොත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ බැඩිමින්ටන් ද එපා විය හැකි බව ගැන සිතා මේ කාරණය ඉටු කළ යුතු වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...