ශ්‍රී ලංකා රජය ලිට්‍රෝ සමාගම ගැන ගත් තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 17 කොළඹ (LNW): ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා ලංසු කැඳවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

මෙම ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතු බව සඳහන් වේ.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයට අනුව, මෙම ක්‍රියාවලිය 2024 ජනවාරි 16 සහ 2024 ජූලි මුල අතර සිදු වීමට නියමිත බව පැවසේ.

රජයේ ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරිමේ ඒකකය සඳහන් කරන්නේ, ලංසු ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2024 පෙබරවාරි 16 වන දින පස්වරු 02.00 වන අතර කෙටි ලැයිස්තුගත ලංසුකරුවන් තෝරා ගැනීම මාර්තු මස මුලදී සිදු කෙරෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිතාගන්න බැරි අයට නඩු වැටෙන්න පටන් අරන් තියෙනවා. නඩු පෝලිමක් එනවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂයේ දේශපාලනඥයින් 40 කට වැඩි ප්‍රමාණයකට...

මාලිමා ප්‍රපංචයේ හැකියාවන් සහ නොහැකියාවන් ….

රට බංකොලොත් වෙන්ට බලපාපු එකම හේතුව දේශපාලන තන්ත්‍රය විසින්...

කීරි සම්බා හිඟයක්. ආදේශක සහල් පිටරටින් ගෙන්වීමට නිර්දේශ කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ...