ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව නේපාල පොලිස් ක්‍රීඩා සමාජයට ජය

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 17 කොළඹ (LNW): නේපාලයේ පැවත්වෙන ක්‍රීඩා සමාජ තරගාවලියක් වන ටයිගර් කුසලාන තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අද පැවති තරගයෙන් වට 3- 1 පරාජයක් ලැබුවා.ඒ නේපාල පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට එරෙහිවයි.තියුණු තරගයක් සහිත වූ මේ තරගය සඳහා විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ද පැමිණ තිබීම කැපී පෙණුනා.

ආරම්භක වටය මෙවර තරගාවලියේ දුටු සටන්කාමීම වටය බවට පත් කරන්නට දෙපිළේ ක්‍රීඩකයින් සමත් වුණා.දීර්ඝ වේලාවක් තිස්සේ ජයග්‍රහණය දෙපිළට දෝලනය වෙමින් ගමන් ගත් මේ වටය නිමාවට පත් වුණේ නේපාල පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ලකුණු 41 – 39 ක ජයක් හිමිවෙමින්.

දෙවන වටය ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් ජයගනු ලැබුවා.ලකුණු සටහන වූයේ 25 – 13 ක්.එතරම්ම පහසුවෙන් දෙවන වටයේදී පොලිස් කණ්ඩායම පාලනයට ගත්ත ද,යළිත් තෙවන සහ සිව්වන වටවලදී නේපාල කණ්ඩායමට තරගයට පිවිසෙන්නට ඉඩ ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාව ඔවුන්ගේ ආක්‍රමණය ඉදිරියේ පිළිවෙලින් ලකුණු 25 – 20 ක් සහ 25 – 17 ක් ලෙස පසුබෑමට ලක් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...