HBL සහ CBEU තෙ’වරසක සාමූහික ගිවිසුමකට’

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 17 කොළඹ (LNW): ලංකා බැංකු සේවක සංගමය [CBEU] සහ සීමාසහිත හබීබ් බැංකුව [HBL] හි කළමනාකාරීත්වය වසර තුනක කාලයක් සඳහා [2024–2026] සාමූහික ගිවිසුමකට එළෑඹීම 2024 ජනවාරි 5 වන දින සිඳු වුණා.

සමස්ත බැංකු පද්ධතියේ මෙන්ම බැංකු සේවක සේවිකාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ලංකා බැංකු සේවක සංගමයේ නොමඳ සහයෝගය සහ කැපවීම නිසා පෙර වසරවලට වඩා වෙනස්ව වසර ආරම්භයේදී ම වෙනස් විශ්වසනීය අත්දැකීමක් සමඟ වෘත්තීය ජීවිතයට වෙනසක් එකතු කර ගන්නට හබීබ් බැංකුවේ සේවකයන්ට ඉඩ සැළසුණා.


මෙම වසරේ ජනවාරි 01 වන දින කොමර්ෂල් බැංකුව සමඟ පළමුවන සාමූහික ගිවිසුම ක්‍රියාත්මක කරන ලද අතර දෙවන ගිවිසුම 2024 ජනවාරි 05 වන දින HBL සමඟ ක්‍රියාත්මක කිරීම වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම අනෙකුත් සාමාජිකයින්ගේ ඇස් ඇරීමක් ද බව ලංකා බැංකු සේවක සංගමයේ අදහසයි. හබීබ් බැංකුව ඔවුන්ගේ සාමාජිකත්වය සමඟ ප්‍රතිලාභ බෙදා ගැනීමට.


2024 වසර ආරම්භයේදී මෙම සාමූහික ගිවිසුම අත්සන් කිරීම සඳහා එළැඹීම කටයුතු කරමින් වටිනාකමක් එක් කළ සේවායෝජක-සේවක සබඳතාව සහ අවබෝධය සම්බන්ධයෙන් ලංකා බැංකු සේවක සංගමයේ අගය කිරීම හිමි වුණා. ලංකා බැංකු සේවක සංගමය මෙන්ම හබීබ් බැංකුවේ මෙම එකඟතා ගිවිසුමට එකතු වූ පිරිසගේ අදහස ද වන්නේ මෙය දිරිගන්වන සුළු ගිවිසුමක් වන බවය. එසේම සාමාජිකයින්ට නිසැකවම ප්‍රතිලාභ ලැබෙන දුෂ්කර කාලවලදී වඩාත් උද්යෝගයෙන් වැඩ කරන්න පොළඹවන සුළු ගිවිසුමක් බවය.

සීමාසහිත හබීබ් බැංකුවේ කළමනාකාරිත්වය සහ ලංකා බැංකු සේවක සංගමය එක් වූ මෙම ගිවිසුම් අවස්ථාවට ලංකා බැංකු සේවක සංගස් සභාපති චන්න දිසානායක එක් වූණා.හබීබ් බැංකුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී සුජීනි ගුණසේකර මෙනවිය, මානව සම්පත් අංශ ප්‍රධානී අමාලි චතුරිකා මෙනවිය සහ මානව සම්පත් සහකාර කළමනාකාරිනී ඩිලානි කුමුදුනී මහත්මිය සහභාගි වූහ.
එසේම ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජනක ආරියපාල, ජ්‍යෙෂ්ඨ උප සභාපති අනුප නඳුල, උප ලේකම් D.B කාර්තික් ද ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කළ අතර හබීබ් බැංකු ශාඛා සංගමයේ සභාපති සුමුදු කුමාරසිංහ සහ එහි ලේකම් අජිත් ලේකම්ගේ ද මෙම අවස්ථාව නියෝජනය කළහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...