*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

වන අලි සම්පත රැක ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයෙන් නව දුරකථන අංකයක්!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 17 කොළඹ (LNW): ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව දුරකථන අංකයක් හදුන්වා දී ඇත. ඒ අනවසර ලෙස විදුලි සැපයුම භාවිත කිරීම නිසා රටට අහිමි වී යන වන අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එවැනි තොරතුරු ලබා දීම පිළිබඳවයි.

අප රටේ ජෛව විවිධත්වයේ සංකේතයක් වූ වන අලි සම්පත දිනෙන් දින මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳවී යාමේ තර්ජනයකට ලක්ව තිබේ.

ගණනය කිරීම් වලට අනුව 6000 ක් පමණ වූ ශ්‍රි ලංකාවේ වන අලි ගහනයෙන් 2023 වර්ෂයේ පමණක් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුකොට ගෙන 474 දෙනෙකු මරණයට ලක්වී ඇත. ඒ අතරින් ලංවිම විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම මඟින් අලි ඇතුන් 50 දෙනෙකු පමණ මරණයට පත්වී ඇති බව වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම නීති විරෝධි ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර අප රටේ වන අලි සම්පත රැක ගැනීමට ජනතා සහායද අපේක්ෂා කරයි. ඒ අනුව විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 1987 ලංවිම ඇමතුම් මධ්‍යස්ථාන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සදහන් කරන්නේ, අතීතයේ සිටම ආගමික මෙන්ම සංස්කෘතික වශයෙන් වැදගත්කමක් උසුලන, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය සහ ආදරයට ලක් වෙමින් රට තුළ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය සපයන අලි සම්පත විනාශ කිරීමට එරෙහිව එක්වන්න ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan