චීන සංචාරය නිම කරමින් ජනපති අනුර යළි මෙරටට (PHOTOS)

0
676

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (ජනවාරි 17) රාත්‍රියේ යළි මෙරටට පැමිණ තිබේ.

ඒ, සිව්දින චීන නිල සංචාරය සාර්ථකව නිම කරමිනි.

අනුර කුමාර දිසානායක මහතා මෙම චීන නිල සංචාරයේදී චීන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර අවබෝධතා ගිවිසුම් රැසකට ද එළඹුණේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන් ඇතුළු දූත පිරිසක් ජනාධිපතිවරයා සමග මේ සංචාරයට එක්ව සිටියහ.

මෙම සංචාරය අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු සිදුකළ දෙවැනි නිල විදෙස් සංචාරයයි.