කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් – ප්‍රදේශ රැසකට මි.මී. 100 ට වැඩි තද වැසි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජනවාරි මස 18) දින සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අද දිනයේදී උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...

බංග්ලාදේශයේ හිටපු නායිකාවට සමුදීමට විශාල ජනකායක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ හිටපු නායකයාට...