මස්කෙළියේ ගින්නෙන්, ලයින් කාමර 08ක පදිංචිව සිටි 17 දෙනකු අවතැන්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ (LNW):

මස්කෙළිය මාඋස්සාකැලේ වතුයායේ වතු නිවාස පේලියක (ලයින් කාමර පේලියක) ඊයේ (17) දින රාත්‍රි හටගත් ගින්නකින් වතු නිවාස 08ක් විනාශයට පත්ව තිබෙන බව වාර්තා වේ.

17වන දින රාත්‍රි 11.45ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

මෙම ගින්න හේතුවෙන් විනාශයට පත්වු ලයින් කාමර 08ක පදිංචිව සිටි 17 දෙනකු අවතැන්ව ඇති බව සඳහන් වන අතර, මේ වන විට එම පිරිස එම වතුයායේ පුස්ථකාලයේ තාවකාලිකව නතර කර ඇති බව වාර්තා වේ.

මෙම වතු නිවාස පේලියේ වතු නිවාස 12ක් ඇති අතර එයින් වතු නිවාස 08කට මෙම ගින්නෙන් හානි සිදුව ඇති බව පැවසේ.

ගින්න හටගත් අවස්ථාවේදි මස්කෙළිය පොලීසිය සහ එම වතුයායේ පිරිස් එක්ව මෙම ගින්න නිවා දැමිමට පියවර ගෙන තිබෙන අතර ,

මෙම ගින්න, විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි සැක කරන බවත් මේ පිලිබදව මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...