කිසිදු මානව හිමිකම් කඩවීමකට ඉඩ නොතබන බවට ජනපතිගෙන් සහතිකයක්!

Date:

සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කදකිරිමකට අනුබල නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒ,අද 09 වන පාර්ලිමේන්තුවේ 02 වන සැසිවාරය ආරම්භ කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.

ජාත්‍යන්තර නීති,සම්මුතීන් වලට ගරු කරන රටක් ලෙස පසුගිය කාලයේ රටේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට ගිය වැරදි මතයන් නිවැරදි කිරීමට අවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

”මා වගකීමෙන් කියනවා මගේ පාලන කාලය තුළ කිසිදු ආකාරයක මානව හිමිකම් කඩකිරීමකට රජය අනුබල දෙන්නේ නැහැ. ඒ වගේම ඉදිරියේදී එවැනි ක්‍රියාවන් සිදුවන්නට අප ඉඩ තබන්නෙත් නැහැ. අප එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්නෙත් නැහැ.දශක තුනකට ආසන්න කාලයක් මේ රටේ සෑම ජනකොටසක්ම වාගේ ත්‍රස්තවාදය හේතුවෙන් පීඩාවට පත්වුණා. 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජය කොට යළි රටට සාමය ගෙන ඒමෙන් මේ තත්ත්වය අවසන් කරන්නට අපට පුළුවන් වුණා. කෙසේවෙතත් දැන් අපට අවශ්‍ය වන්නේ ඉතිහාසයේ අඳුරු මතකයන් ඉවතලා සෑම ජනකොටසකටම සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් විය හැකි සුරක්ෂිත රටක් ගොඩනැගීමටයි. ඒ සඳහා ජාතී,ආගම් හෝ දේශපාලන භේදයකින් තොරව අපි සියලු දෙනාම එක් විය යුතුයි. යුද්ධයෙන් විනාශ වී තිබුණු උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අප විශාල ආයෝජනයක් කර තිබෙනවා. යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබුණු ඉඩම් 90%කට වඩා නිදහස් කළේ මා ආරක්ෂක ලේකම්ව සිටිකාලයේදී. මේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කොට සාමකාමී තත්ත්වයක් පවත්වා ගෙන යන්නට හැකියාව ලැබී තිබෙන නිසා ඉදිරිකාලයේදී තවත් ඉතිරිව තිබෙන ඉඩම් නිදහස් කිරීමට අපිට හැකියාවක් ලැබෙනවා. යුද්ධයෙන් අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව එක් පාර්ශවයකට පමණක් විශේෂ වූවක් නොවෙයි. ඒ සියලු දෙනා වෙනුවෙන් උපරිම සාධාරණත්වය ඉටුකිරීමට අප කටයුතු කරනවා. අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය මේ රටේ සෑම පුරවැසියෙකුගේම ගෞරවය හා අයිතිවාසිකම් එක සේ ආරක්ෂා කිරීමටයි. ඒ නිසා පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගැන්වීම දැන්වත් නතර කරන ලෙස මෙය තවදුරටත් කරන දේශපාලඥයින්ගෙන් මම ඉල්ලා සිටිනවා.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...

Radoslav Cernicky ඇහෙන්, දකිමු ලෝකයක්!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක...