විදුලිබල මණ්ඩලේට දෙන්න තියා අපේ ෂෙඩ්වලට දෙන්නවත් තෙල් නෑ – IOC

Date:

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පමණක් නොව තමන්ද බරපතල ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පවසනවා. මේ නිසා තම සමාගම යටතේ ඉන්ධනහල් පවත්වාගෙන යන ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමද අර්බුදයට ගොස් ඇති බවයි IOC සමාගම පෙන්වා දෙන්නේ.

ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත් තම සමාගමද දැඩි ඩොලර් හිගයකට මුහුණ දී සිටින බවත් එම සමාගම පවසයි.

ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින විදුලිබල මණ්ඩලය ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලි නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන බවට විදුලිබල අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියන් ඔයිල් පාලනාධිකාරිය මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ මොහොතේ සමාගම ප්‍රමුඛතාවය ලබා දෙන්නේ තම සමාගමය යටතේ ක්‍රියාත්මක ඉන්ධනහල් සඳහා තෙල් තොග සැපයීමට බවත් විදුලිය නිපදවීම සඳහා තෙල් ලබාදීමේ කිසිදු හැකියාවක් මේ මොහොතේ තම සමාගමට නොමැති බවත් IOC වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...