ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නිසා මහ කන්නයේ ගොයම විනාශ වෙලා – සජිත් (VIDEO)

Date:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එවක කැබිනට් මණ්ඩලය විසින් රසායනික පොහොර තහනම් කරමින් කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා මෙරටට ගෙන්වූ සහ මෙරට නිපදවූ ඇතැම් කාබනික පොහොර සහ රජය විසින් බෙදා දුන් කාබනික පොහොර නිසා මහ කන්නයේ ගොයම කහ පැහැ ගැන්වීම සහ මූල ගැටිති රෝගයට ගොදුරු වීම නිසා අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති බවත් එසේ සිදු වූ පාඩුවට රජය කිසියම් සහනයක් සැලසිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙවර මහ කන්නයේ ගොයම කහපැහැ ගැන්වීමේ රෝගය, මූල ගැටිති රෝගය සෑම දිස්ත්‍රික්කයකම වාර්තා වන බවත් මෙම මූල ගැටිති රෝගයට හේතුවන පණුවා ඉතා භයානක බව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සනාථ කර ඇති බවත් එයට හේතු ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර භාවිතය නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එසේ ම ගොවීන් චෝදනා කරන්නේ ගොයම කහ පැහැ ගැන්වීම ආරම්භ වූයේ රජය විසින් ලබා දුන් කාබනික පොහොර නිසා බවත් එමෙන් ම මූල ගැටිති රෝගය නිසා සමස්ත මහ කන්නයේ අස්වැන්නෙන් සියයට 10ක ප්‍රමාණයක් හානි වී ඇති බවත් එම රෝගයට හෙක්ටයාර 80000කට ආසන්න ප්‍රමාණයක් ගොදුරු වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එසේ ම රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය අරුණ කුමාර මහතා සඳහන් කරන ආකාරයට එම අස්වැනු හානිය සියයට 20 දක්වා වර්ධනය විය හැකි බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආයතන 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරයි.

කොළඹ LNW:ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති...

ආපදා හේතුවෙන් මරණ 69ක් දක්වා වැඩි වෙද්දී තවත් 34ක් අතුරුදහන්!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට ආපදා මරණ...