කොරියාවෙන් කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්!

Date:

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර තිබුණි.

කොරියානු සංවිධානයක් වන The Global Life Sharing ආයතනය මගින් එකතු කරනු ලැබූ මෙම පරිත්‍යාගයන් World Unreached People Mission සංවිධානයේ සම්බන්ධීකරණයෙන් හා සහයෝගයෙනුයි ඒවා මෙරටට ලැබී තිබුණේ.

එම ආයතනයන්හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දේවගැති ඒ.ෆ්‍රැන්සිස් මහතා විසින් නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත භාර දී තිබේ.

අදියර කිහිපයක් ඔස්සේ පරිත්‍යාග කිරීමට නියමිත මෙම ඖෂධ හා ඖෂධ උපකරණ අතුරින් මෙලෙස පරිත්‍යාග කෙරුණු කෝටි 43 ක පළමු පරිත්‍යාගයේ අක්ෂි රෝග, බැක්ටීරියා ආසාදන, චර්ම රෝග ,ප්‍රතිජීවක හා වේදනා නාශක ඖෂධ හා උපකරණ රැසක් වෙයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබුණේ ගෝලීය කොවිඩ් ව්‍යසනයේදී මෙන්ම රට තුළ පවතින වත්මන් අභියෝගාත්මක පරිසරය තුළ ජාත්‍යන්තර සංවිධාන හා ආයතන මෙරට සෞඛ්‍ය පද්ධතියට විශාල සහයෝගයක් ලබා දුන් බවත් තවදුරටත් එවැනි සහයෝගයන් ලැබෙමින් පවතින බවත්ය.

එමෙන්ම විශේෂයෙන් කොරියානු රාජ්‍යයේ ජනතාව මෙන්ම World Unreached People Mission ආයතනය ඇතුළු මේ සඳහා දායක වූ සියලු පාර්ශවයන් වෙත අමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කර ඇත.

ඉදිරියේදී මෙම වැඩසටහන යටතේ පාසැල් හා රෝහල් කරාද අත්‍යවශ්‍ය උපකරණ ඖෂධ ලබාදීම ක්‍රියාත්මක කරන බව දේවගැති ඒ.ෆ්‍රැන්සිස් මහතා සඳහන් කර තිබේ.

මෙම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වඩිවේල් සුරේෂ්,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...