උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නවා – අධ්‍යාපන ඇමති

Date:

මේ වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර මෙරට ගුරු සේවය සඳහා උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඊයේ දින (17) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000ක්ද වශයෙන් මේ පිරිස බඳවා ගන්නා බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලද වහාම, දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ නිවේදනය නිකුත් කරන බව ද පැවසීය.

මෙම බඳවා ගැනීම් 2023 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර සිදු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ අතර, විද්‍යා පීඨ අවසාන කළ ඩිප්ලෝමාධාරීන් 8000ක්ද සේවයට බඳවා ගන්නා අතර මේ පිරිස බඳවා ගැනීම තුළින් මේ වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර ගුරු තුලනය සිදුකළ හැකි බව ද සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...