ලංකාවට මූල්‍ය සහන ලබා ගැනීමට තිබෙන ප්‍රධානතම බාධාව චීනය: ඇමරිකානු තානාපතිනිය

Date:

ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට ඇති ප්‍රධානතම බාධකය චීනය බව මෙරට ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය බීබීසී (BBC) වැඩසටහනට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය මෙසේ පවසා ඇත.

“චීනය කියන්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ මිතුරෙකු කියා. එහෙනම් මම හිතන්නේ ශ්‍රී ලංකා ජනතාව කැමතිවේවි එය ක්‍රියාවෙන් දකින්න. මූල්‍ය සහතිකයක් ලබාදීම පමා නොකිරීමට චීනය කටයුතු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා. හැකි ඉක්මනින් එවැනි මූල්‍ය සහතිකයක් ලබාදීමෙන් ඔවුන්ට එය පෙන්නුම් කළ හැකියි. මන්ද, ශ්‍රී ලංකාවට තවත් පමාවීමට කාලයක් නැහැ. ඔවුන්ට මෙම මූල්‍ය සහතිකය කඩිනමින් අවශ්‍යයි. සැම්බියාව, වැඩ් ඇතුළු රටවල් කිහිපයකදීම මෙවැනි පමාවක් දක්නට ලැබුණා. එම රටවලට මූල්‍ය සහන ලබාගැනීමට බාධා ඇතිවූයේ චීනයේ මෙම පමාව හේතුවෙන්. එහිදී කඩාකප්පල්කරු වූයේ චීනයයි. ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපි අපේක්ෂා කරනවා… මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවලදී චීනය එවැනි කඩාකප්පල්කරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇතැයි කියා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...