කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): දිගින් දිගටම සිදුවන හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසා සිටී.

වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර, ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දී ඇත,

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරන්නේ, කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවයි.

දකුණු අප්‍රිකාව පසුකර යන නැව්වලට පළමුවෙන් හමුවන වරාය කොළඹ වරාය වීමද තදබදය තවත් වැඩිවීමට හේතුවී ඇති අතර,

ඊළඟට හමුවන සිංගප්පූරුව වරාය දුර බැවින් කොළඹ වරායට නැව් කඩිනමින් ළඟාවිය හැකි බවද වරාය අධිකාරිය පෙන්වා දෙයි.

කොළඹ වරායේ පවතින තදබදය නිසා අඩි 20 හා අඩි 40 කන්ටේනර මෙහෙයුම් 2023 වර්ෂයේ මිලියන 6.9 ක් සිදුකර ඇති අතර, දැනට පවතින තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ එම ප්‍රමාණය ඉහළ යනු ඇතැයි අධිකාරියේ විශ්වාසයය වේ.

තවද ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබන අතර, හූති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන්ටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවසඳහන්.

ඊට හේතු වී ඇත්තේ රතු මුහුද හරහා ගමන් කිරීමට නොහැකි වීම නිසා වෙනත් මාර්ගවලින් ගමන් කිරීමේදී අය කරන නැව් ගාස්තු ඉහළ යාම බවද වරාය අධිකාරිය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා බලධාරීන් IMF වෙතින් ඩොලර් මිලියන 200ක හදිසි ණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන...

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...