ගිනිකෙළි කර්මාන්ත ශාලාවක පිපිරීමකින් තායිලන්තයේ පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ ගිනිකෙළි කර්මාන්ත ශාලාවක  සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මධ්‍යම තායිලන්තයේ ගිනිකෙළි කම්හලක මෙම පිපිරීම සිදුව ඇත.

බැංකොක් අගනුවරට කිලෝමීටර් 120ක් උතුරින් පිහිටි සුපන්බුරි පළාතේ දුෂ්කර ප්‍රදේශයක කම්හල පිහිටා ඇති බව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නැත.

පෙබරවාරි 10 වනදාට යෙදෙන චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් නිපදවූ ගිනිකෙලි මෙහි ගබඩා කර තිබූ අතර, මීට පෙර පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේදී ද මෙම කම්හලේදී සිදුවූ අනතුරකින් එක් සේවකයෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය ජූලි මාසයේදී, දකුණු තායිලන්තයේ ගිනිකෙළි ගබඩාවක ඇති වූ විශාල පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...