හැව්ලොක්ස්,සීආර් සහ ගුවන් හමුදාවට ජය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

ජාතික රග්බි සූරතාවලිය සඳහා මාස්ටර් කාඩ් අනුග්‍රහයෙන් පවත්වන ලීග් තරගාවලියේ හයවන සතියේ පළමු දින දෙක නිමාවේ ජයග්‍රහණය ලබන්නට හැව්ලොක්ස්,සීආර් සහ ගුවන් හමුදා කණ්ඩායම් සමත් වෙනවා.


හැව්ලොක්ස් කණ්ඩායම හමුවේ පරාජය වූ යුද හමුදා කණ්ඩායම එම තරගයේදී පළමු අර්ධයේ දි ඉදරියෙන් සිටීමට සමත් වෙනවා.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 5 – 3 ක් ලෙසයි.එහෙත් දෙවන අර්ධයේදී පළපුරුද්ද සහ දරා ගැනීම අතින් යුද හමුදාවට වඩා ඉදරියෙන් සිට ක්‍රීඩා කළ හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 29 – 18 ක් ලෙස තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වෙනවා.


18 වන සෙනසුරාදා අවසන් වූ තරගවලදී ගුවන් හමුදාව සහ පොලීසිය අතර තරගය තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.පළමු අර්ධය නිමාවන විට කණ්ඩායම් දෙකේම ලකුණු ප්‍රමාණය සටහන් වූයේ ලකුණු 7 ක් ලෙසයි.දෙවන අර්ධයේදි ද එම තියුණු බව නොසෙල් වී ආරක්ෂා කර ගන්නට කණ්ඩායම් දෙකම සමත් වුවත්,සමස්ත තරගයේ ජය රැක ගන්නට සමත් වූයේ ගුවන් හමුදා කණ්ඩායමයි.ඒ ලකුණු 20 – 19 ක් ලෙසයි.


සීආර් ඇන්ඩ් එසෙී කණ්ඩාමයම සහ සීඑච් ඇන්ඩ් එසෙි කණ්ඩායම අතර තරගයෙන් වත්මන් සූරයින් වන සීආර් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 27 – 22 ක් ලෙසයි.පළමු අර්ධයේදී ලකුණු 19 -10 ක් ලෙස සීආර් කණ්ඩායම පෙරමුණ ගෙන සිටි මෙම තරගයේ දෙවන අර්ධයේදී යම් තර්ජනයක් ඇති කළ සීඑච් ක්‍රීඩකයින් ලකුණු 12 ක් රැස් කරන්නටත්,සීආර් ක්‍රීඩකයින් ලකුණු 8 ට සීමා කරන්නටත් සමත් වුව ද,පළමු අර්ධයේ දි ලැබූ ලකුණු පරතරයේ වාසිය සමඟින් තරගය ජය ගන්නට සීආර් කණ්ඩායමට හැකි වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...