සෝන්ඩර්ස් සහ පෙලිකන්ස් දෙපසින් අපරාජිතව පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW:

ක්‍රියාත්මක චැම්පියන්ස් ජාතික පාපන්දු ලීග් තරගාවලියේ ඒ කාණ්ඩයේ අපරාජිතයන් සේ පෙරමුණ ගන්නට සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයත්,බී කාණ්ඩයේ අපරාජිතයන් සේ පෙරමුණ ගන්නට පෙලිකන්ස් ක්‍රීඩා සමාජයත් සමත්ව සිටිනවා.ගෙවුණු සති අන්තයේ ඒ කාණ්ඩයේ සිටින දක්ෂතම කණ්ඩායමක් වන ජාවාලේන් කණ්ඩායමට එරෙහිව සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස ජය ලබා ගැනීමෙන් ඉනික්බිතිව මෙවර තරගාවලියේ තරග පහකට ක්‍රීඩා කර ඉන් හතරක් ජයගෙන එක් තරගයක් ජය පැරදුමෙන් තොරව හමාර කර පෙරමුණට පැමිණ සිටින අතර නිව් ස්ටාර් කණ්ඩායම සිටින්නේ එම කාණ්ඩයේ දෙවන තැනයි.


නිව්ස්ටාර් කණ්ඩායම සහ සෝන්ඩර්ස් කණ්ඩායම ජනවාරි 9 වන දා තෙක් උරෙනුර ගැටෙමින් සිටියත් එදින පැවති තරගයෙන් 1-0 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම ජය ගැනීමත් සමඟ තත්ත්වය වෙනස් වී ඒ කාණ්ඩයේ එකම අපරාජතියෝ බවට සෝන්ඩර්ස් පත් වූහ.
බී කාණ්ඩයේ දී පෙලිකන්ස් ක්‍රීඩා සමාජය තරග 5 ක් ක්‍රීඩා කර තරග 3 ක් ජයගෙන සිටින අතර ඔවුන් තරග දෙකක් නිමා කර ඇත්තේ ජය පරාජයකින් තොරවය.රජයට අදාළ කණ්ඩායම් ලෙස මෙවර තරගාවලිය නියෝජනය කළේ පොලිස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල කණ්ඩායමය.මේ අතරින් පොලිස් කණ්ඩායම බී කාණ්ඩයෙන් තෙවන තැන සිටින අතර ශ්‍රී ලංගම කණ්ඩායම මේ දක්වා තරගාවලියේ දුර්වලම කණ්ඩායම බවට පත්ව ඇත.ඔවුන් තරග 6 ක් නිමා වේ දී ප්‍රතිවාදීන්ට ගෝල 30 ක් ලබා දී ඇති අතර ඔවුන් ලබා ගෙන ඇත්තේ එක් ගෝලයක් පමණි.තරග හයේදීම විශාල පරාජයන් අත් කර ගැනීම ද කැපී පෙණෙයි.


ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම ක්‍රීඩකයින් පමණක් නොව නායකයන්ද බිහි කළ ශ්‍රී ලංකාගම කණ්ඩායම මේ පරාජයන් හමුවේ අක්‍රීය කර වසා දැමිය යුතුය යන හැඟීම වෙනුවට බලධාරීන් තුළ ඇති විය යුතුව ඇත්තේ නැවත පෙර පරිදි දක්ෂ කණ්ඩායමක් සකස් කර ගන්නේ කෙසේද යන්න සිතා බැලීම කෙරෙහිය.නිරන්තර කැපවීමෙන් පුහුණුව තුළින් නිවැරදි මඟ පෙන්විමක් ඇතුව කේෂ්ත්‍රයට පිවිසිය හැකිනම් පාපන්දුවේ පෙරමුණෙන් ගමන් කරන ශ්‍රී ලංගම බස් රථයක් මෙන්ම ශ්‍රී ලංකා පාපන්දුව පෙරමුණේ තබන ශ්‍රී ලංගාම බස් රථයක් ද දැක ගැනීමට හැකි වනු ඇත.


ශ්‍රී ලංගම පාපන්දු කණ්ඩායම වෙනුවෙන් හොඳ පහසුකම් ලැබෙන අනුග්‍රාහකයන් කිහිප දෙනෙකු සොයා ගෙන දුර ගමන් බස් කිහිපයක ඔවුන්ට වෙළඳ ප්‍රචාරන ඉඩ ලබා දීම වුව ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල කණ්ඩායම නැවත නැගිට්ටවීම වෙනුවෙන් කළ හැකි පලදායි වැඩ සටහනකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...

මේ පොලිස්පතිටත් හිරේ යන්න වෙයිද ? – අධිකරණයට අපහාස කළැයි නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි !

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීම...

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...