2026 බදු අදායම් ඉලක්කය!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු. බිලියන 4853ක් ලෙස දැක්වෙයි.

ඒ අනුව රජයේ ප්‍රධාන ආදායම් රැස්කරන ආයතන වන දේශීය ආදයම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන වෙත ඉතිහාසයේ වැඩිම රජයේ බදු අදායම් ඉලක්කය ලබා දී ඇති බවයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසන්නේ.

එම ඉලක්කය අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 වසරේදී රු. බිලියන 2401ක්,රේගු දෙපාර්තමේන්තුව රු. බිලියන 2207ක් සහ සුරා බදු දෙපාර්තමේන්තුව රු. බිලියන 245ක් ඉපයිය යුතු වෙයි.

රජයට ලැබෙන අදායම් වලින් 93%ක් එක්රැස් කරන්නේ මෙම ආයතන ත්‍රිත්වය විසින් වන අතර පසුගිය වසරේ ඔවුන් සිය ඉලක්ක අභිබවා යමින් අදායම් ඉපයීමට සමත්ව තිබුණි.

බදු කාන්දුවීම අවම මට්ටමකට ගෙන එමින් නාස්තිය, අල්ලස, දුෂණයෙන් තොරව විධිමත් විනිවිදභාවයකින් යුතු රාජ්‍ය බදු ආදායම් අයකර ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම ගැන මහජනතාවගේ සිත්වල පැහැදීමක් ඇතිව තිබෙන අතර බදු අදයමවලින් හැකි තරම් පොදු මහජනතාවගේ යහපත සහ සංවර්ධනය සඳහා මුදල් යොදන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...