ඟග අද්දර ගැහැණු ළමයි නවතියි

Date:

ඟග අද්දර,ගැහැණු ළමයි,යහළු යෙහෙළි,මායා,සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා,ලොකු දුව,දුවට මවක මිස,සක්මන් මළුව සහ වෛෂ්ණාවී චිත්‍රපට නිර්මාණය කළ සුමිත්‍රා පීරිස් මීට ටික වේලාවකට පෙර සිය දිවි සැරිය නිමා කළාය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් වූ ලාංකේය සිනමා වංශකතාවේ මහා පුරුෂයාගේ බිරිඳ වූ සුමිත්‍රා,ලාංකේය සිනමාවේ ගැහැණු පෞරශයේ සංකේතයක් බඳු වූ චරිතයකි.

වත්මන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ඥාති සොහොයුරියක වන සුමිත්‍රා ලංකාවේ පතාක දේශපාලන පවුලක් වන බොරළුගොඩ ගුණවර්ධන පවුලේ සාමාජිකාවකි.

විවාහයට පෙර සුමිත්‍රා ගුණවර්ධන නම් වූ ඇය එම පවුලේ වර්ථමානය නියෝජනය කරන වෘත්තීය දේශපාලන චරිතවලට වඩා මේ පොළව මත දේශපාලන දෘෂ්ඨියකින් සිය නිර්මාණ චාරිකාව සිඳු කළාය.

සුමිත්‍රා ලාංකේය සිනමාව තිබෙන තුරු නොමියෙන නමකි.ඇයට අපි අපේ ගෞරවණීය ආචාරය පුදන්නෙමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...