*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළා නොවේ,ශ්‍රී ලංකාව පරාජය වුණා.

අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඉතා හොඳ යහපත් තරගකාරී මට්ටමක් පවත්වාගෙන යමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ සිය සහභාගීත්වය සුපිරි අට වටයෙන් මෙපිට අවසන් කළේ අනපේක්ෂිත විශාල පරාජයකට මුහුණ දෙමින්.
බංගලාදේශ නගරයේදි ගන්නා ලද ධනාත්මක තීරණ හකුළුවා ගනිමින් මේ තරගයේදී ගත් ඇතැම් ක්‍රියාමාර්ග මෙම පරාජයට තදින්ම බලපෑවේය.ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි පිතිකාරිණියන් අතර දක්ෂතම පිතිකාරිණියක වන නෙත්මි සේනාරත්න යම්කිසි ආකාරයක ලකුණු රහිත අවධියක සිටි බැවින් ඇයව පසුපසට ගෙන ආරම්භක පිතිකාරිනියගේ වගකීමෙන් මුදවා ගොඩ නැගෙන්නට දිය යුතුව තිබිණ.නමුත් ඊයේ තරගයේදී නෙත්මි පසුපසට ගැනීම වෙනුවට පසුපසට ගෙන තිබුණේ අනෙක් ආරම්භක පිතිකාරීණිය වූ සුමුදු නිසංසලා ය.
ආරම්භක පිතිකාරිණිය සේ ජාතික කණ්ඩායමට සේවය සපයන විශ්මි ඉහළට කැඳවා ඇය ලකුණු අතර සිටීමෙන් ප්‍රයෝජනය ගත යුතුව තිබුණු නමුත් එය ද සිඳු නොකර තිබිණ.බංගලාදේශයට එරෙහිව සුපිරි ඉණිමක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩිකා දෙව්මි විහංගා ඊයේ තව පියවරක් පසුපසට රැඟෙන ඇය සාර්ථක වූ ස්ථානය වෙනස් කර තිබිණ.දුලංගා දිසානායක බංගලාදේශ තරගයේ දී පෙන්වූ දස්කම් සළකා දිරිමත් කළ යුතුව තිබුණ ද ඇය ද පිතිකරණ නාමාවලියේ තවත් පහළට ගෙන තිබිණ.
එසේම අප බංගලාදේශ සටන සම්බන්ධයෙන් කළ විග්‍රහයේදී පැවසූ පරිදි ආරම්භක පන්දු යවන්නිය ලෙස දඟ පන්දු යවන විදුශිකා හෝ දෙව්මි කැඳවීමේ වැදගත්කම ඕස්ට්‍රේලියානු තරගයේදී දැක ගන්නට ලැබුණු අතර,එම වගකීමට නිවැරදිව උර දුන් දෙව්මි පන්දු ඕවර් 4 නිමා කළේ,ලකුණු 21 ට කඩුල්ලක් දවා ගනිමින්ය.වේග පන්දු යැවීම සඳහා තරග දෙකේදීම ප්‍රගතියක් නොපෙන් වූ පමෝදා සහිනි වෙනුවට කණ්ඩායමට කැඳ වූ දඟ පන්දු යවන රිශ්මි සංජනා ලකුණු 30 ට කඩුලු දෙකක් දවා ගත්තාය.නමුත් කණ්ඩායමට මඳ වේග පන්දු යැවීමේ හැකියාව ඇති පිතිකරණයේ විශ්වාසවන්නත ක්‍රීඩිකාවක් කැඳවා එම පන්දු ඕවර් ප්‍රමාණය ආවරණය කර ගැනීමට යම් උත්සාහයක් ගත හැකිව තිබිණි යන්න අත්හදා බැලීමේ මට්ටමේ යෝජනාවක්ය.
කෙසේ වුව ද ඕස්ට්‍රේලියාව ලැබූ ලකුණු 159 තුළ ඔවුන්ට අහිමි වූ කඩුලු 5ට වඩා වැඩි ප්‍රමාණයක් අත් කර ගැනීම සඳහා වන සැළසුමක් ශ්‍රී ලංකාවට තිබිය යුතුව තිබිණි.නමුත් එම ලකුණු ප්‍රමාණය ආවරණය කළ හැකි පිතිකාරිණියන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි අතර ඔවුන් නිවැරදිව යොදා ගත්තේද යන්න මෙහිදී සැළකිය යුතු කරුණක්ය.බොහෝ විට මේ තරගාවලියේ සුපිරි හය වටයෙන් මෙපිට නොව අඩුම දුර පැමිණි දකුණු ආසියාතික කාන්තා කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාව වීමට ඇති ඉඩ වැඩිය.නමුත් මේ කණ්ඩායමේ වැඩිම දුරක් ලෝකයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගෙන යා හැකි පිරිසක් සිටින බව පැහැදිළිය.ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු කළ යුත්තේ පරාජයට වඩා ඒ සම්බන්ධයෙන්ය.විශ්මි,මනුදි,දෙව්මි,විදුශිකා වැනි ක්‍රීඩකයින් මෙන්ම මේ තරගාවලියේ සාර්ථක නොවුණ ද,නෙත්මි,නිසංසලා වැනි ක්‍රීඩිකාවන් ද රටේ ක්‍රිකට් අනාගතයට වැදගත්ය.
එසේම ශෂිකලා සිරිවර්ධනගේ පුහුණුකරු පෞරුෂය කැරට් කැවීමක් නොකර,ඇයට අති දක්ෂ පුහුණුකරුවෙක් හෝ පුහුණුකාරියක් යටතේ සහය පුහුණුකාරියක් හැටියට අවශ්‍යය ඉඩ කඩ සැකසිය යුතුය.ඇයගේ ක්‍රිකට්මය දැණුම අතිශයින් වැදගත් අතර ඒ ඔස්සේ ලෝකයේම අවධානය දිනා ගන්නා පුහුණුකාරියක් වන්නට ඇයට ඉඩ සැකසිය හැකිය.නමුත් ඊට පෙර වඩා පුළුල් වගකීම් පවරා ඇයගේ දායකත්වයේ ගමණේ දුර කෙටි කිරීම ආශිර්වාදයක් ලෙසින් ඇයට වුව දැනෙන,නමුත් ඇත්ත තත්ත්වයෙන් කප්පාදුවකට ඉඩ කඩ සකසා ගැනීමක් විය හැකිය.
ලකුණු පූවරුවට පිවිසෙන්න
https://www.espncricinfo.com/series/icc-women-s-under-19-t20-world-cup-2022-23-1336137/match-schedule-fixtures-and-results
බංගලාදේශ තරගය සමබන්ධයෙන් වූ අපේ විග්‍රහය
https://sinhala.lankanewsweb.net/01/17/40824/

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan