*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/19

  1. ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ රෙගුලාසිවලට අනුකූලව පළාත් පාලන මැතිවරණය නියමිත වේලාවට පවත්වන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි – ඡන්ද විමසීම සඳහා මූල්‍යමය ප්‍රදාන වෙන් කළ නොහැකිද යන්න භාණ්ඩාගාරය තවමත් දැනුම් දී නොමැති බව ද අවධාරණය කරයි.
  2. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයෙහි කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ නඩුව විභාග කරන මහේස්ත්‍රාත්වරියට නීතිපතිවරයා විසින් එල්ල කළ බව කියන බලපෑම්වලට විරෝධය පළ කරමින් අධිකරණයේ ස්වාධීනත්වයක් ඉල්ලා නීතිඥවරු අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක – වසන්ත මුදලිගේ නඩුව විභාග කරමින් සිටි අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත සැකකරුවන්ට ‘මානුෂික අයුරින්’ සැලකූ බවට පොලිස්පතිවරයා කළ පැමිණිල්ලක් මත ඇය මෙම නඩු විභාගයෙන් ඉවත්කළ බව සඳහන්.
  3. ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් 2023 ජනවාරි මස 19-20 දින දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය – එම සංචාරයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ අනෙකුත් ප්‍රධානීන් හමුවීමට ද නියමිතය.
  4. මතභේදාත්මක ‘මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත’ අද විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි – මෙය පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ආණ්ඩුවේ කූට උත්සාහයක් බව පවසමින් විපක්ෂයේ පාර්ශව දැඩි විරෝධයක් එල්ල කරයි.
  5. ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝගේ මුණුපුරා වන ඉන්දික නුවන් කුමාර ඉදිරි පළාත් පාලන මැතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කිරීමට නියමිතය! ඔහු දැනට මහියංගනය ආසන සංවිධායක ලෙස කටයුතු කරයි – මහියංගනය ඇතුළු ගම්මාන 65ක් සඳහා ආදිවාසී ප්‍රජාව තරග කරයි.
  6. මාධ්‍ය නිදහස වෙනුවෙන් සහ රාජ්‍ය අනුග්‍රහය මත මාධ්‍යවේදීන් මර්දනයට ලක්කිරීමට එරෙහිව ප්‍රකාශයට පත්කර ඇති කලු ජනවාරියට සමඟාමීව, ඝාතනයට ලක් වූ සහ පැහැර ගැනීමට ලක් වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සිහිපත් කරමින් ‘අමතක නොකරමු’ අනුස්මරණ වැඩසටහන කොළඹ ජාතික පුස්තකාලයේ ප්‍රලේඛන මධ්‍යස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේ සිඳු කේරේ – කැබිනට් අමාත්‍ය මනූෂ නානායක්කාර ද එම උපහාර දැක්වීමේ අවස්ථාවට එක්විය.
  7. මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ (MNDF) හුල්හුමලේ වෙරළාරක්ෂක කඳවුරේ වෝහාරික වෛද්‍ය කිමිදුම් පාඨමාලාව හැදෑරූ නාවික හමුදා සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද උසස් දිය යට වෙඩි තැබීම සඳහා භාවිතා කරන ‘Olympus TG – 06’ නවීන කැමරාවක් ශ්‍රී ලංකා නාවික හමුදාවට! – ප්‍රංශයෙහි Gendarmerie නීතිය බලාත්මක කිරීමේ බලකාය විසින් යුරෝපීය සංගමයේ තීරණාත්මක සමුද්‍ර මාර්ගයක් වන ඉන්දියන් සාගරයේ (EU CRIMARIO) වැඩසටහනේ කොටසක් ලෙස මෙම වෝහාරික වෛද්‍ය කිමිදුම් පාඨමාලාව සංවිධානය කරන ලදී.
  8. කොළඹ භූ දර්ශනය වෙනස් කිරීමට සමත් කොළඹ වරාය නගරයේ ප්‍රමුඛතම ආයෝජන ව්‍යාපෘතිය ‘තීරුබදු රහිත’ වෙළඳ සංකීර්ණය ඉක්මනින් අවසන් කරන බව නිවේදනය කරයි – මෙම සංකීර්ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට වැඩි ආයෝජනයක් සමඟ තීරුබදු රහිත සිල්ලර වෙළඳාම් ආරම්භ කරමින් දකුණු ආසියාවේ ආර්ථික මර්මස්ථානයක් බවට පත්වනු ඇති බව සඳහන්.
  9. ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා ගැනීමට ඇති ප්‍රාධානතම බාධාව චීනය බවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් (Julie Chung) චෝදනා කරයි – චීනයෙන් ඊට සැර ප්‍රතිචාරයක්: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලය සහිත විශාලතම කොටස් හිමියා එක්සත් ජනපදය බවත්, ශ්‍රී ලංකාවේ රටේ ‘ණය පැහැර හැරීම’ නිවේදනය කළ වහාම එරට ෆෙඩරල් අධිකරණයේ නඩු පැවරූවේ එක්සත් ජනපදය බවත්, ඉහළම පොලී අනුපාත සහිත ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගයෙන් සියයට 40ක පෞද්ගලික ණය හිමියන් සිටින්නේ එක්සත් ජකපදයේ බවත් සිහිපත් කර දෙයි.
  10. ‘ජාත්‍යන්තර වෙළඳ කාර්යාල පනත් කෙටුම්පත’ පාර්ලිමේන්තුවේ බලාත්මක කිරීමෙන් පසු අපනයන ඉහළ නැංවීමට සහ සෘජු විදේශීය ආයෝජන (FDI) ප්‍රවර්ධනය කිරීම සඳහා ‘ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයක්’ පිහිටුවීමට රජය තීරණය කරයි – දිගු කාලීනව ශ්‍රී ලංකාවේ FDI ශුද්ධ ගලා ඒම 2023 දී ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ආර්ථිකමිතික ආකෘති සහ තාවකාලික දත්ත අනාවරණය කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan