එජාපයත් කොළඹට ඇප තැන්පත් කරයි – රංගේ බණ්ඩාරගෙන් සජිත්ටත් අභියෝගයක් (VIDEO)

0
1084

පළාත් පාලන මැතිවරණයට අදාළව එක්සත් ජාතික පක්ෂයත් අද (19) ඇප තැන්පත් කිරීම සිදු කළේය.

සියලුම පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන් ඉදිරිපත් කරන අතර අලියා ලකුණෙන් මෙන්ම හංසයා සහ පොහොට්ටුව යන ලකුණු වලින් අවස්ථාවට අනුව ඉදිරිපත් වන බවයි මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ.

එමෙන්ම කොළඹ මහ නගර සභාවට ඉදිරිපත් වී තමන්ට ජන මතයක් ඇති බවට මෙන්ම පියාගේ සිහිනය ඉටුකිරීම සඳහාත් සජිත් ප්‍රේමදාස මහතාට අභියෝගයක් එල්ල කරන බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන ලදී.

ASK