අමෙරිකානු තානාපතිනියට චීනෙන් සැර ප්‍රතිචාරයක්!

Date:

අමෙරිකානු තානාපතිවරිය කල ප්‍රකාශය සම්භන්ධයෙන් චීන තානාපති කාර්යාලය පවසන්නේ, මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව පවත්වන සාකච්ඡා කඩාකප්පල් කරන්නේ චීනය බවට අමෙරිකානු තානාපතිනිය එකම මන්ත්‍රය නැවත නැවත ජපකරන බවය. චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ එවැනි චෝදනා එල්ල කිරීමට පෙර මූල්‍ය අරමුදලේ තීරණ සම්බන්ධයෙන් විශාලතම නිෂේධ බලය පවතින්නේ අමෙරිකාවට බව තානාපතිනිය තේරුම් ගතයුතු බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ බාහිර ණය අතුරින් 40%ක් පමණ නියෝජනය කරන ඉහළ පොළී ලැබීමේ අපේක්ෂාවෙන් මෙරට ස්වෛරීත්ව බැඳුම්කර වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ කවුරුන්ද යන්න තානාපතිනිය තමාගෙන්ම විමසා ගත යුතු බවත් පවසයි. ශ්‍රී ලංකාව විදෙස් ණය ගෙවීම් තාවකාලිකව අත්හිටවූ වහාම අධිකරණයට ගියේ කවුරුන්ද යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් බව කියා සිටී.

ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා තීරණයකට එළැඹීමෙන් තොරව අමෙරිකාව චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට උත්සාහ කරන බවට ද එම නිවේදනය චෝදනා කරයි.නමුත් සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවත් කොළඹ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් …

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...