ලංගම බස් රථ 1000ක් පොදු ප්‍රවාහනයට – ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන

Date:

හැත්තෑ පස්වැනි නිදහස් සැමරුමට සමගාමිව ග්‍රාමීය ප්‍රදේශවල ධාවනය සඳහා ලංගම බස් රථ 1000ක් පොදු ප්‍රවාහනයට එකතු කරන බව ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) දින පාර්ලිමේන්තුව අමතමිනි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අලුත්ම බස් රථ 225ක් එකතු කිරීමට ද, දැනට රියැදුරන් හා කොන්දොස්තරවරුන් නොමැතිකම නිසා දිනකට ධාවනය නොවන බස් රථ 800කට අධික ප්‍රමාණයක් යළි ධාවනයට එක් කිරීමෙන්ද මේ බස් රථ දහස ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කර තිබෙන තබයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස්ලි නෙල්සන් මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ 18 වන දින පැවැත්වීමට නියමිතව තිබූ උසස් කැබිනට් අනුකාරක සභා හා රාජ්‍ය සේවා උසස් නිලධාරීන්ගේ කමිටු මඟින් වර්ෂයක කොන්ත්‍රාත් පදනම යටතේ රියැදුරන් හා කොන්දොස්තරවරුන් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අදහස් කරන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...