*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

එදා පොලීසියේ ඇතැමුන් හරියට වැඩ කර තිබුණා නම් පාස්කු ප්‍රහාරය වළක්වාගන්න තිබුණා – ඇමති ටිරාන්

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියළුම දෙපාර්තමේන්තු තුළින් පසුගිය වසර තුළ සිදුවූ කාර්යභාරය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ මහජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවක්‌ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැත්විණි.

එහිදී යුක්තිය මෙහෙයුම මාධ්‍ය සංදර්ශනයක් පමණද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයින්ගේ මුදල් මත යැපෙන අතළොස්සක් පිරිස් එවැනි චෝදනාව එල්ල කරන බවයි.

“ප්‍රධාන, පිළිගත් මාධ්‍ය කිසිවකින් මෙතෙක් එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාල මුදල් මත යැපෙන අතලොස්සක් පිරිස් එවැනි චෝදනා එල්ල කරනවා.
නමුත් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත සහ මාධ්‍යවේදීන් වෙත වාර්තා වන සිදුවීම් විශ්ලේෂණය කරන විට ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම මෙහෙයුම ආරම්භ කරන තුරු විෂය භාර අමාත්‍යවරයා ලෙස මටද ඒ පිළිබඳ පුළුල් අවබෝධයක් ලැබී නොතිබුණත් දිවයින පුරා ගම් නගර භේදයකින් තොරව සාමාන්‍ය ජනතාවගෙන් මා වෙත ලැබෙන දුරකථන ඇමතුම් තුළින් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් ජනතාව කොපමණ පීඩාවකින් පසු වූවාද යන්න පිළිබඳ අවබෝධ කරගත හැකියි.

කිසිදු අවස්ථාවක පෞද්ගලික ගැටලු මත අප වැටලීම් සිදු කරන්නේ නැහැ. පසුගියදා වැලිගම ප්‍රදේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධව හෝටලයක හිමිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුත් සමඟ කාර්යාලයට පැමිණ මා මුණ ගැසී මේ සම්බන්ධයෙන් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලීමක් කළා. මා ඔහුට අවවාද කළේ තමන්ගේ ස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සඳහා ඉඩ ලබා නොදෙන ලෙසයි. නැවත වරක් එම ස්ථානය පරීක්ෂා කරන විට මත්ද්‍රව්‍ය තිබී හමුවොත් එහි හිමිකරුද අත්අඩංගුවට ගැනීමට සිදුවන බව මම ප්‍රකාශ කළා. කිසිවෙකුත් සමග මාගේ පෞද්ගලික අමනාපයක් නැහැ.නමුත් වැරදිකරුවන් සමඟ හිඳ හසු වුවහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවනවා. අදාළ සිදුවීම සිදුවනතුරු එහි හිමිකරු කවුරුන්ද යන්න පිළිබඳව හෝ මා දැන සිටියේ නැහැ. හිමිකරු කවුද යන්න මා දැනුවත් වූයේ සිදුවීමට පසු දින යම් යම් පුද්ගලයින් මා හට දුරකථන ඇමතුම් ලබාදෙන අවස්ථාවේදී.

අප කිසිදු අවස්ථාවක පදනමක් නොමැති චෝදනා පිළිබඳ කරදර වන්නේ නැහැ. මේ මෙහෙයුම තුළින් ජාවාරමේ නිරත දැවැන්තයින් තරාතිරමක් නොමැතිව අත්අඩංගුවට ගැනීම අපගේ අරමුණයි. කොතරම් එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කලත් ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වන්නේද නැහැ. ඉතාමත් අතලොස්සක් වූ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, නීතිඥ වැනි පිරිසක් මෙවැනි කටයුතුවල නිරත වනවා.

මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන 90%ක්‌ පමණ අවසන් බව මා ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අගරද ගුරුතුමාත් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳ යම් විවේචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අමාත්‍ය ධූරය භාරගත් අවස්ථාවේ සිට මා ප්‍රකාශ කරන්නේ මේ වන විට පොලිසිය පාර්ශවයෙන් විමර්ශන 90%ක්‌ පමණ අවසන් බවයි. නමුත් සිදුකළ විමර්ශනවල අප නොදකින දේ තිබිය හැකියි. උන්වහන්සේ ඇතුළු පිරිස් සතුව එවැනි තොරතුරු තිබිය හැකියි. එම නිසා අගරදගුරුතුමාටත් කතෝලික සභාවටත් මා ආරාධනා කළා අප සමග සිදුකළ විමර්ශන පිළිබඳ නිරීක්ෂණය කර නිරත වන ලෙසත් ඉන් අනතුරුව එහි කිසියම් අඩුපාඩුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර උන්වහන්සේලා සතුව තවත් තොරතුරු තිබේ නම් ඒ පිළිබඳව එක්ව විමර්ශන සිදුකර මෙය විසඳීමට සහාය වන ලෙස. විශේෂයෙන්ම සියලු බොරැල්ල ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ලේඛන මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවට අගරදගුරුතුමා දැනුවත් නොමැති බව මා විශ්වාස කරනවා. ඊට අමතර යම්කිසි තොරතුරක් උන්වහන්සේ සතුව තිබෙනවා නම් ඒ පිළිබඳවද විමර්ශනයක් සිදු කිරීම සඳහා අදාළ තොරතුරු ලබා දෙන ලෙස අප ඉල්ලීමක් කරනවා. වසර දෙකක් යනතුරු ලබා නොදුන් බව කියූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව කතෝලික සභාව වෙතට මා විසින්ම භාරදෙනු ලැබුවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා විසින් ලිඛිතවද ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් තවදුරටත් ඒ පිළිබඳව පවතින තොරතුරු ලබාදී ඉතිරි කටයුතු කිරීමට දායක වන ලෙස මා ඉල්ලීමක් සිදු කරනවා. සැබවින්ම එහි සත්‍යය හෙළි කර ගත යුතු නම් සිදු කළ යුත්තේ එයයි. කෙසේ නමුත් මෙම සිදුවීම පිළිබඳව සමස්ත තොරතුරු විශ්ලේෂණය කිරීමේදී එවකට පොලිසියේ ඇතැම් පිරිස් නිවැරදි ලෙස කටයුතු කර තිබුණා නම් මෙම ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාවක් තිබුණා. එය පොලිසියේ අතපසුවීමක් බව පිළිගත යුතුයි.”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan