අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව නව ගමනක!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ” International Industry Expo 2024 Sri Lanka ” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය 2024 ජුනි 19 සිට 23 දක්වා දින 5 ක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාමයි.

ඒ පිළිබඳව මූලික සාකච්ඡාවක් කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේදී පසුගියදා (17 ) පැවැත්වුණි.

අන්තර්ජාතික ආයෝජකයින් හා ගැනුම්කරුවන් ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම මෙම අන්තර්ජාතික ප්‍රදර්ශනය හරහා බලාපොරොත්තු වන අතර ප්‍රදර්ශනයට රටවල් විස්සකට අධික සංඛ්‍යාවක ආයෝජකයින්, කර්මාන්තකරුවන් හා ගැණුම්කරුවන් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි.

දේශීය හා විදේශීය ප්‍රදර්ශයින්ගේ 1000 කට අධික වෙළදකුටි සංඛ්‍යාවකින් සැදුම්ලත් මෙම දැවැන්ත ප්‍රදර්ශනය අන්තර්ජාතික සම්මන්ත්‍රණ, කර්මාන්ත සම්මන්ත්‍රණ, ලංකාවට ආවේණික ඇදුම් විලාසිතා ප්‍රදර්ශන, දේශීයව එකලස් කරන ලද වාහන පෙරහැර, නවෝත්පාදන නිෂ්පාදන කර්මාන්ත ආදියෙන් සමන්විත වේ.

මෙම ” International Industry Expo 2024 Sri Lanka” ප්‍රදර්ශණය පිළිබඳ සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, විදේශ කටයුතු, සංචාරක, වෙළද අමාත්‍යාංශ වල කිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...

අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...