තායිලන්ත රාජාණ්ඩුව විවේචනය කිරීම වෙනුවෙන් වසර 50ක සිර දඬුවම්

Date:

සටහන – සශිකලා මධුෂාණි, ජනවාරි 19.

ලෝකය(අවුට්බවුන් ටුඩේ) : තායිලන්තයේ රාජාණ්ඩුව සිය සමාජ මාධ්‍ය හරහා විවේචනය කරන ලද තායිලන්ත පුරවැසියෙකු වසර 50ක් දක්වා සිරගත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස සිරගත කර ඇත්තේ 30 හැවිරිදි මොංකොල් තිරකොට්ට නම් අයෙකි. වජිරලොන්ග්කෝන් රජු සහ ඔහුගේ සමීපතම පවුල විවේචනවලින් ආරක්ෂා කරන ලෙස් මැජෙස්ට් නීතිය යටතේ උතුරු චියැං රායි හි අභියාචනාධිකරණය මෙම දඬුවම ලබා දී තිබේ.

මුලින් මොංකොල් තිරකොට්ටහට පහළ අපරාධ අධිකරණයක් විසින් වසර 28ක සිරදඬුවමක් නියම කරන ලද අතර පසුව ඔහු විසින්ම ඉදිරිපත් කරන ලද අභියාචනයක් හේතුවෙන් තවත් චෝදනා 11කට වරදකරු වීම නිසා දඬුවම දීර්ඝ කර තිබේ.

ලෙස් මැජෙස්ට් නීතිය ලොව ඇති දරුණුතම නීති වලින් එකක් ලෙස හැඳින්වෙන අතර තායි අපරාධ නීති සංග්‍රහයේ 112 වගන්තියට අනුව දඬුවම් පැමිණ වේ. ඒ අනුව තායි රජු රැජින, උරුමක්කාරයන් අපකීර්තියට පත් කිරීම, අපහාස කිරීම හෝ තර්ජනය කිරීම නීති විරෝධී ය. 1908 සිට නවීන තායි ලෙස්-මැජෙස්ටේ නීතිය ව්‍යවස්ථාපිතය. දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි ලීස්-මජෙස්ටේ නීතිය ශක්තිමත් කළ එකම ව්‍යවස්ථාපිත රාජාණ්ඩුව තායිලන්තය වන අතර මෙය ‘මාලිගාවේ අවශ්‍යතාවය” ලෙසද හැඳින්වේ.

මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සඳහා වන තායි ලෝයර්ස් (TLHR) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, විසම්මුතිය නිශ්ශබ්ද කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවත්, රාජකීයන් අපකීර්තියට පත් වූ දීර්ඝතම දඬුවම මෙය වන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...