අද හෙටට යා කරන වැඩක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 19 කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් යම් අර්බුදයකට මුහුණ පා ඇති බව බොරුවක් නොවේය.ඊට වඩාත්ම බලපාන්නේ පිටියේ දකින ක්‍රිකට්ය.ඊට වගකිවයුතු අය බොහෝ වුව,අවසානයේ ඒ සියලු බර ක්‍රිකට් පරිපාලනය මතට වැටෙන බව නි’බොරුය.ඒ නිසා මේ බර නොවැටෙන ක්‍රිකට්මය පොළවක් සැකසීමට අවශ්‍යය පදනම ශක්තිමත් කිරීමට ක්‍රිකට් පරිපාලනයට ඇති වගකීම අවබෝධ කරගෙන සකස් කළ වැඩ පිළිවෙලක් 2024 වසරේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණ ගණනාවක් ගෙන ඇත.

ඒ අතර ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පුහුණුකරුවන් දෙදෙනෙක්ගේ සහ භෞත චිකිත්සකනරයෙකුගේ සේවය ලබා ගෙන පුහුණුකරුවන්ගේ සහ භෞත චිකිත්සකවරුන්ගේ දැණුම වර්ධනය කිරිමට අවශ්‍යය වැඩ සටහනක් සකස් කර ඇත.මේ සඳහා සහභාගි වන්නේ ලෝකයේ බිහි වූ හොඳම පන්දු රකින්නා ලෙස බොහෝ දෙනෙක් ප්‍රසාදයෙන් කතා කරන සහ වර්ථමානයේ හොඳ පන්දු රකින්නන් පුහුණු කරන පුහුණුකරුවෙක් ලෙස පතල ජොන්ටි රෝඩ්ස් ය.එසේම ඉන්දිය වේල පන්දු බල ඇණිය ශක්තිමත් කිරිමට විශාල දායකත්වයක් දැක් වූ ඉන්දීය කණ්ඩායමේ සිටිය සහ වර්ථමානයේ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන පුහුණුකරු වූ භාරත් අරුන් ද මේ කැඳවන පුහුණුකරුවන් අතර වෙයි.

ශ්‍රී ලංකාව 1996 දී දිනා ගත් ලෝක කුසලානයේ තනි හිමිකම වෙනුවෙන් බොහෝ දේ කරන පුද්ගලයින් සිටියද,ඊට සුවිශාල දායකත්වයක් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරිරක යෝග්‍යතාවය සුරැකීම පිණිස සුවිශාල මෙහෙයක් කළ භෞත චිකිත්සක ඇලෙකේස් කුන්ටෝරි ද මේ පුහුණුකරු කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ භෞත චිකිත්සකයන්ට පුහුණුවක් ලබා දීම සඳහාය.

ක්‍රීඩාවේ යම් පසුබැස්මක් ඇති ඉසව් මෙන්ම නිරන්තර ගැටළුවක්ව පවතින ශාරිරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් ඇති කර ගැනීම කෙරෙහි මේ ආකාරයෙන් අවධානයක් යොමු කිරීම අගනේය.

මේ අතරින් අවුරුදු 15 න් පහළ සහ අවුරුදු 17 න් පහළ පාසල් ක්‍රිකට් කෙරෙහි දක්වා තිබෙන අවධානය ද අතිශයින් වැදගත්ය.එයද 2024 වසරේ ස්ටහ ක්‍රියාත්මක කිරීමට වැදගත් වැඩ පිළිවෙලකි.සමහර අවස්ථාවල මේ වයස් කාණ්ඩවල අවුරුදු 19 න් පහළ කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයෝ ද බොහෝ වෙති.විටෙක ඒ පිරිස අවුරුදු 19 න් පහළ ජාතික සංචිත ආදිය කරා ගෙන ඒම පමා කරන්නේ දක්ෂ වුව ද තව කල් ඇති බව සිතමින්ය.මෙවැනි කාරණා ද එවැනි වැඩ පිළිවෙලකදී අවධානය යොමු කළ යුතු අතර අවුරුදු 15 න් පහළ සහ 17 න් පහළ දක්ෂයන් ඇගයීම සහ හඳුනාගෙන දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් යටතේ ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකුට තිබිය යුතු චර්යාවන් කවරේද යන්න පිළිබඳව හැදැරීමට යොමු කිරීමත් වැදගත්ය.

පාසල් ක්‍රීඩාවෙන් පසුව සිය ක්‍රිකට් වෘත්තීමය තත්ත්වයට රැඟෙන ඒමට පිළිගත් වැඩ පිළිවෙලක් බොහෝ දක්ෂයන්ට අහිමි වන්නේය.ප්‍රධාන පෙළේ ක්‍රිඩා සමාජවල දොර විවරවන ප්‍රමාණය ද අඩුය.නමුත් යම් වෘත්තීය මට්ටමක ක්‍රීඩාවක් සඳහා ඉඩ සැකසෙන වැඩ පිළිවෙලක් අලුත් යෝජනාවල දකින්නට ලැබෙන්නේය.ඒ අවුරුදු 21 න් පහළ තරගාවලියක්ය.වයස් කාණ්ඩය නිසා දැනට පළමු පෙළ කණ්ඩායම්වල ඉඩ වෙන් නොවන බොහෝ ක්‍රීඩකයින්ට ඒ හරහා අවස්ථාව ලැබෙනු සැක නැත.

විනිසුරු ධූරයෙන්,තරග තීරක ධූරයෙන් සහ ලකුණු සටහන් කිරීමෙන් විශ්‍රාම යන පිරිසට ඇගයීමක් ලබා දීම ද වැදගත් තීරණයකි.ඔවුන් බොහෝ විට අත පිසින කඩදාසි මෙන් සේවය ගෙන වීසි කර දැමීමේ ක්‍රමවේදය නවතාලමින් ආරම්භ කරන මේ වැඩ පිළිවෙල නිසා ක්‍රිකට් ක්‍රීඩාව දන්නා අය මෙවැනි වෘත්තීන් සඳහා වැඩි වශයෙන් යොමුවීමක් සිඳු විය හැකිය.

මේ යහපත් ක්‍රියා අතරේම පසුගිය දිනවල දැඩිව විවේචනයට බඳුන් වූ දෙයක් හැටියට දැක්කේ දේශීය පළමු පෙළ තරගවල තණතිලි සකස් කිරීමේදී ඒවා හොඳ මට්ටමක නොමැතිවීමය.මේ සම්බන්ධයෙන් යම් ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සහ ජාත්‍යන්තර මට්ටමට ඒවා පවත්වාගෙන යාමට අවශ්‍යය දැණුම යාවත්කාලීන කිරිම වැනි කාරණා ගැන ද අවධානය යොමු කිරීම වැදගත්ය.දැනට රාජකීය ගොල්ෆ් සමාජය වැනි තැන්වල විශේෂිත තෘණ වර්ග බෝ කිරිමේ උත්සාහයන් ද දැකිය හැකි බැවින් එවැනි කාරණා සම්බන්ධයෙන් දක්ෂයන්ගේ දැණුම ගෙන අලුත් වැඩ සටහන්වලට යාමේ හැකියාවද ඇත.

කෙසේ වුවත් අලුත් කාරණා ප්‍රයෝගිකව පොළව තුළ පැලවෙන්නේ සහ වැඩෙන්නේ කෙසේද යන්න පිළිබඳන අපි අවධානයෙන් සිටින්නෙමු.එතෙක් මේ සියල්ල හොඳ තෝරා ගැනීම ලෙස සළකා අපි ඒවා අතිශයින් සාර්ථක වන්නට සුබ පතමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...