76 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් චක්‍රලේඛයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 19 කොළඹ (LNW): 76 වන නිදහස් දින සමරු උළෙල වෙනුවෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ඒ අනුව, නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

පෙබරවාරි (03), (04) වනදා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලියෙන් අලංකරණය කරන ලෙසටද එම චක්‍රලේඛය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන සුදුසු අයුරින් විදුලි බල්බ දල්වන ලෙසත්, ඒ සම්බන්ධයෙන් තමන් යටතේ ඇති සියලු ආයතන දැනුවත් කරන ලෙසද රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛය මගින් දැනුම්දී තිබේ.

පෙබරවාරි (01) සිට (07) වනදා දක්වා නිදහස් දින සමරු උළෙල පුරා සතියක් සියලුම රජයේ ආයතන ගොඩනැගිලි වල ජාතික කොඩිය ඔසවන ලෙසද එම චක්‍රලේඛය මගින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇති බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය