*
Monday, January 20, 2025
spot_img

Latest Posts

වැඩ කරන මිනිසුන්ගේ දරුවන්ට ලෝකය දිනන්න ආශීර්වාද කරන්න

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 20 ,(LNW)කොළඹ :

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දෙවන දිනය පළමු දිනය මෙන් කාලගුණයේ සරදමට යටත් වූ දිනයක් නොවීය.ශ්‍රී ලංකාව පහසුවෙන් මැලේසියාව පරාජයට පත් කළේය.එසේම ඉන්දියානු තරුණියන් කොදෙව් තරුණියන්ට එරෙහිව කඩුලු 9 ක් ජයක් වාර්තා කරනු ලැබුවා.
කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලබා ගත්තේ ලකුණු 44 ක් පමණයි.එය පන්දු වාර 4.2 දී කඩුල්ලක් පමණක් දැවී ඉක්මවා යන්නට ඉන්දියාව සමත් වෙනවා.තරගයේ පස්වන ඕවරයේ දෙවන පන්දුවේදී ඉන්දියාවේ ලකුණු පූවරුව කඩුලු එකක් දැවී 47 ක් බවට පත්වෙන්නේ ඉන්දියාවට කඩුලු 9 ක ජයක් හිමිකර දෙමින්.
ශ්‍රී ලංකා ජයග්‍රහණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සෑම අංශයකින්ම ඉතා ඉහළ මට්ටමක සිටියා.පන්දු රැකීමේදී දැක් වූ දක්ෂතාවය වෙනදාට වඩා කැපී පෙණුනා.ශ්‍රී ලංකාවට ඉදිරි තරගවලදී පන්දු රැකිමේ දී දක්වන මේ දක්ෂතාවය වැදගත්ම සාධකයක් වනු නො‘අනුමානයි.
තරග විස්තර විචාරයේදී නිරන්තරයෙන් පූර්ණ කාලීන ක්‍රිකට් වැඩ පිළිවෙලක් සහිත රටක ක්‍රීඩිකාවන් ලෙස ශ්‍රී ලංකාවේ දස්කම් ගැන සහ අර්ධකාලිනව ක්‍රිකට් ක්‍රියාත්මක රටක ක්‍රිකට් ලෙස ශ්‍රී ලංකාව සහ මැලේසියාව බෙදා දැක් වුණා.එහෙත් ඊටත් වඩා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පූර්ණකාලීනවීමට එහා ගිය විමධ්‍යගතවීම ඇතුළෙ කතාවය රසවත්.


මේ රස විනිවිද යන්නෙ 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගේ ජිවිතවල ඇත්ත තිත්ත පැණි රස කරන ක්‍රියාවලියක් ක්‍රිකට් එක්ක පෑහී තිබෙන බවක් පෙනෙන නිසයි.මේ තිත්තවලට පැණිරස කලවම් වෙන වැඩේ සිද්ධවෙන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට්වල ප්‍රතිපත්තිමය කාරණයක් නිසා.ගමට ක්‍රිකට් යන බෝඩ් කෑල්ලටත් ඉස්සෙල්ලා,කාන්තා ක්‍රිකට් ගමේ පාසල්වල ගේට්ටු ඇර ගත්තා.එහෙම නැත්නම් කම්බි වැටෙන් හරි රිංගලා පිට්ටනියට ආවා.


ඒ ප්‍රතිපලය කෙතරම් ද කියන කාරණය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමේ පේන්න තියෙනවා.මුහුද එක්ක ඔට්ටු වෙන ධීවරයාගෙ,පොළව එක්ක ඔට්ටු වෙන ගොවියගෙ දරුවො තමයි මේ කණ්ඩායම එක්ක ඉන්නෙ.මේක පොඩි විප්ලවීය වැඩක්.කැලේ මල් කැලේ පරවෙනවා ලස්සන දකින්න ඉඩක් නැහැ කියන වචන සෞන්දර්යාත්මක වුණාට කේන්තිය අවුස්සන සමාජ අසාධාරණය සහ අසමානකම ගැන පපුව කොනිත්තන වැඩ අදහසක්.
මේ අදහස නාම පදවලට පුළුවන් වර්ණනා කරවන්න හරි අඩවන්න හරි විතරයි.ඒත් වෙනස් කරන ක්‍රියාපදවලට පුළුවන් වඩාත් හැඟීම්බර පලබර හැඩිමක් වෙන්න.ඒ හැඩීමේ අරුත්බර හිනාවක් දවටන්න.අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තියෙන්නෙ සමාජය වෙනස් කළ හැකිය කියන ක්‍රියාපදවල හිනාවන්.ආර්ථික පීඩාවේ පහළම තැනකට ක්‍රිකට් ගිහිං ඒ මිනිස්සුන්ගෙ දුකට ඇස්වලට උනපු කදුළුවල සතුට තවරලා.


දේශපාලනයෙදි විකුණන්නෙ කඳුළු.ඒ මත සිනහව තවරන බවට පොරොන්දු.ඒත් මිනිස්සු සිනහවෙලා දෙන ඡන්ද කාලයකදි මැකිලා තිබුණු කඳුළුම මතු වෙනවා.ක්‍රිකට් ඊට වඩා වෙනස් වෙලා.සැළසුමක් ඇතුව කදුළුවලට සිනහව දක්වා එන්න පාරක් හදලා.ගමට යන්න ඕනි සතුට දක්වා දුකේ සිට එන්න පුළුවන් ප්‍රායෝගික පාරවල්.
කාන්තා ක්‍රිකට්වල විතරක් නෙමෙයි,පිරිමි ක්‍රිකට් ගත්තත් නුවන් තුෂාර,ඩිල්ෂාන් මධුශංක සිට අද ඒෂාන් මාලිංග දක්වා පේන්න තියෙන්නෙ ඒ වෙනස.ගමේ දුකට ලෝකයේ සතුට සොයා ගෙන යන්න හැදිලා තියෙන පළල් පාර.මේ මොහොත වැදගත් වෙන්නෙ,ක්‍රිකට්වලින් දේශපාලනය ඉගෙන ගන්නට තියෙන ඉඩයි.


අමාරුවෙන් පිට්ටනිය මැද්දට බැහැපු මුල් කාලෙ ක්‍රීඩකයො හදපු ක්‍රිකට්වල කීර්තිය වානිජමය වශයෙන් කළමණාකරනය කරලා රටම ක්‍රිකට් කරන අතරේම රටේම ක්‍රීඩාවටත් උපකාර කළ හැකි තැනක ක්‍රිකට් හිදුවා තබන්නට සමත් වෙලා තියෙනවා.යම් යම් කාලවල ආපු අතුරු පාලනයන් ක්‍රිකට් ආයතනයේ වැටුප් ගෙවා ගන්නත් බැරි තරමට ක්‍රිකට් ගිණුම් හින්දුවට,ක්‍රිකට් කියන්නෙ රටේ ක්‍රීඩාවම බලාගන්න පුළුවන් තැනකට එසැවී තිබෙන වැඩ සැළසුමක්.


කාන්තා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කෙල්ලන්ගෙ ඇත්ත ජීවිතවලට එඹෙන්න පුළුවන්නම් ඔවුන්ගේ වර්ථමානය සහ පවුල්වල ඉතිහාසය කියාදෙන්නෙ ක්‍රිකට් ජීවිත වෙනස් කිරීමේ ක්‍රියාපදයක් බවයි.හෙට දිහා සතුටින් බලන්න තැනුව සැළසුමක් බවයි.ක්‍රීඩාව කියන්නෙ සෙල්ලමක් නොව ඊට වඩා එහා ගිය සමාජ දේශපාලන වැඩක් බව තේරුම් ගන්න මැලේසියාවේ ලෝක කුසලානය ගෙන්න ගිහිං ඉන්න ලංකාවෙ අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන්ගෙ දත්ත ටික කියවා බලන්න.
එහි සිටින්නේ ලංකාවේ ක්‍රීඩාවට ආර්ථිකය වෙනස් කළ හැකි,මිනිස්සුන්ගේ ජීවිතවල සතුට සැකසිය හැකි බවට ඔප්පු කළ හැකි සාධකයි.අපි එතනින් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කළ හැකි බවට තේරුම් ගනිමු.වැඩ කරන්න පහසුකම් සහිත ඉඩක් ගමේ මිනිසුන්ට දෙන්න.ඔවුන් තරගය ජයගෙන පෙන්වනු ඇති.ඒ ජයගත හැකි මිනිසුන්ගේ නියෝජනයක් ලෙස මේ මොහොතේ මැලේසියාවේ සිටින වැඩ කරන පොළව එක්ක මුහුද එක්ක හැප්පෙන මිනිසුන් බහුතරයකගේ නියෝජනය වන අවුරුදු 19 න් පහළ කාන්තා කණ්ඩායම තුළ ඇති නියෝජනයට ඔබට ඔබ භාවිතා කරන සමාජ මාධ්‍යයක් ඇතුළෙ අඩුම තරමෙන් 🩷 සළකුණු කර තැබිය හැකිනම්,.එය ඔබ වැඩ කරන මිනිසුන්ගේ දරුවන්ට ලෝකය දිනන්න කරන ආශිර්වාදයක් වනු ඇත.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan