Sunday, June 26, 2022
spot_img
spot_img

Latest Posts

අද සිට ලෙජන්ඩ්ස් හපන්කම්වලට ඕමානයේ දොර හැරේ

ලෝකයේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇතිව කණ්ඩායම් තුනක් තරග වඳින ලෙජන්ඩ්ස් ක්‍රිකට් ලීග් තරගාවලිය අද ඕමානයේදී ඇරඹීමට නියමිතය.ඒෂියා ලයන්ස්,ඉන්දියා මහාරාජාස් සහ වර්ල්ඩ් ජයන්ට්ස් යන කණ්ඩායම් ත්‍රිත්වය තරග වඳින මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් නව දෙනෙක් ඒෂියා ලයන්ස් කණ්ඩායමට ඇතුළත්ව ඇත.

මිස්බා උල්-හක් නායකත්වය දරන ඒෂියා ලයන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තිලකරත්න ඩිල්ෂාන්,සනත් ජයසූරිය,චමින්ද වාස්,මුත්තයියා මුරලිදරන්,රොමේෂ් කළුවිතාරණ,නුවන් කුලසේකර,උපුල් තරංග,අජන්ත මෙණ්ඩිස් සහ දිල්හාර ප්‍රනාන්දු ඇතුළත් වෙති.විශේෂත්වය වන්නේ මෙම කණ්ඩායමේ පුහුණුකරු සහ සහය පුහුණුකරු ශ්‍රී ලාංකිකයන් වීමය.ඒ අර්ජු​න රණතුංග සහ මාරියෝ වෙල්ලවරායන් ය.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.