චීනෙන් ගේන හාල් කාබනිකද නැද්ද දන්නෑ, බන්දුලගෙන් අහලා කියන්නම් – ඩලස් (VIDEO)

Date:

චීනයෙන් මෙරටට ගෙන ඒමට නියමිත සහල් කාබනික වගා ක්‍රමයට නිෂ්පාදනය කළ ඒවාදැයි තමන් නොදන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ප්‍රශ්නය – චීනයෙන් ගෙන්වන හාල් කාබනික පොහොරවලින් හදපු ඒවාද ?

”චීනයෙන් ඇනවුම් කරන හාල් සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා, ඒ ඔබ සඳහන් කළ ආකාරයට විය යුතුයි කියලා. නමුත් මේ මොහොතේ අවංකවම ඒ පිළිබඳව, ඒක කාබනික වගාවකින් ගත්ත අස්වැන්නක්ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්නට තරම් දැනුවත්කමක් මං හිතනවා මටත් මගේ මිත්‍රයන් දෙපළටත් නෑ. ඒක නිසා සමාවෙන්න, අපි බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් අහලා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්”

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...