චීනෙන් ගේන හාල් කාබනිකද නැද්ද දන්නෑ, බන්දුලගෙන් අහලා කියන්නම් – ඩලස් (VIDEO)

චීනයෙන් මෙරටට ගෙන ඒමට නියමිත සහල් කාබනික වගා ක්‍රමයට නිෂ්පාදනය කළ ඒවාදැයි තමන් නොදන්නා බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ප්‍රශ්නය – චීනයෙන් ගෙන්වන හාල් කාබනික පොහොරවලින් හදපු ඒවාද ?

”චීනයෙන් ඇනවුම් කරන හාල් සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා, ඒ ඔබ සඳහන් කළ ආකාරයට විය යුතුයි කියලා. නමුත් මේ මොහොතේ අවංකවම ඒ පිළිබඳව, ඒක කාබනික වගාවකින් ගත්ත අස්වැන්නක්ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත පිළිතුරක් ඔබට දෙන්නට තරම් දැනුවත්කමක් මං හිතනවා මටත් මගේ මිත්‍රයන් දෙපළටත් නෑ. ඒක නිසා සමාවෙන්න, අපි බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගෙන් අහලා ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්නම්”

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...