බටේටයි, රේගුලේටරෙටයි දාපු ප්‍රමිතිය ගෑස් වලට කෝ? SJB පාරිභෝගික අධිකාරියෙන් ප්‍රශ්න කරයි (VIDEO)

Date:

පාරිභෝගික අධිකාරිය විසින් ගෑස් බටය සහ රේගියුලේටරය සම්බන්ධයෙන් වන ප්‍රමිති ගැසට් කර තිබුණද තවමත් ගෑස් සංයුතියේ ප්‍රමිතිය පිළිබඳව එවැනි ගැසට් නිවේදනයක් පළකර නැති අතර වහාම එය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

එමෙන්ම ගෑස් කාන්දු වීමෙන් සිදු වූ අනතුරු සම්බන්ධයෙන් වන්දි ලබාගෙන දීමේ බලය ඇත්තේද පාරිභෝගික අධිකාරියට වන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (20), පාරිභෝගික අධිකාරිය සතු එම බලතල සම්බන්ධයෙන් ඔවුන්ට සිහිපත් කිරීම සඳහා එහි පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද එක්ව සිටියේය.

පාරිභෝගික අධිකාරිය ජනතාව වෙනුවෙන් එම බලතල භාවිතා නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...