එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගොඩගැනීම ආරම්භ වේ…

Date:

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ පසුගියදා ප්‍රසිද්ධ මාතෘකාවක් වූ, ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කොටසක් ගොඩගත් බවත් එම නෞකාව ගොඩ ගැනීම සිදු කරනු ලබන්නේ චීන සමාගමක් මඟින් බවත්ය.

නෞකාව මෙරට මුහුදු සීමාවෙන් එහාට රැගෙන යන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය පැවසීය.

එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එම කටයුතු සමීපව අධීක්ෂණය කරමින් පරිසර හානිය අවම කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම සිදු කරමින් පවතින බවත් නෞකාව කොටස් දෙකකට කපා එක් කොටසක් ජලය මතු පිට පා වෙන තත්ත්වයට පත් කර ඇති අතර තවත් නෞකා දෙකක් ආධාරයෙන් එය රඳවා තබාගෙන ඇති බවත්ය .

තවද එක්ස්‍ප්‍රස් පර්ල් නෞකාව සම්භන්ධයෙන් මෙරට සාගර පරිසර පද්ධතියට වූ හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර, එහි දෙවැනි අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදුන් බව ඇය පවසයි .

ඒ වෙනුවට ලැබිය යුතු වන්දි මුදල ඩොලර් බිලියන 6.5 ක් වන අතර එම වන්දි ලබා ගැනීම සඳහා ලබන මාසයේ සිංගප්පූරු අධිකරණයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් සමාගමට එරෙහිව නඩු පවරන බව ද ඇය වැඩිදුරටත් නීතිඥ දර්ශනි ලහඳපුර මහත්මිය පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...

රනිල්ගෙන් විපක්ෂ නායකට ඇමතුමක් ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හැන්දෑවෙ තමන්ගෙ හිතවතෙක්...